ශුක වර්ගය
පස්වෙනි වර්‍ගයේ පළමුවැන්නෙහි සෙය්‍යථාපි යනු උපමාර්‍ත්‍ථයෙහි නිපාතයකි. එහි භාග්‍යවතුන්වහන්සේගේ කිසිතැනක අර්‍ත්‍ථයෙන් උපමාව පිරිවරා දක්වති. වත්ථ සූත්‍රයෙහි මෙනි. පාරිච්ඡත්තකොපම අග්ගික්‍ඛවන්‍ඛාපම සූත්‍රයන්හිද මෙනි. කිසිතැනක උපමාවෙන් අර්‍ත්‍ථය පිරිවරා දක්වති. ලොණම්බිල සූත්‍රයෙහි මෙනි. සුවණ්ණාකාර සුරියොපමාදී සූත්‍රයන්හිද මෙනි. මේ සාලිකොපම සූත්‍රයෙහි වනාහි උපමාවෙන් අර්‍ත්‍ථය පිරිවරා දක්වන සේක් ‘සෙය්‍යථාපි භික්‍ඛවෙ’ ආදිය කීහ. එහි සාලිසූකං යනු හැල් ඵලයේ නණ්ඩුවයි.
යවසූක යන්නෙහිද මේ ක්‍රමයමැයි. වා ශබ්දය විකල්පාර්‍ත්‍ථ ඇත්තෙයි. මිච්ඡාපණිහිතං යනු වැරදිලෙස තබනලද්දයි. යම්සේ විදීමට හැකි වේද එසේ අගඋඩට හරවා නොතබන ලද්දෙයි අර්‍ත්‍ථයි. භෙජ්ජති යනු බිඳින්නෙයි. සිවිය සිඳින්නේයි අර්‍ත්‍ථයි. මිච්ඡාපණිහිතෙන චිතේතන යනු වැරදි ලෙස වට්ට ලෙස තබනලද සිතෙනුයි. වට්ටවශයෙන් උපන් සිත සඳහා මෙය කියනලදී. අවිජ්ජං යනු අටතැනෙක්හි නොදැනීමවූ ඝනබහුලවූ මහා අවිද්‍යාවයි. විජ්ජං උප්පාදෙස්සති යන මෙහි විජ්ජා යනු අර්‍භත්මාර්‍ගඥානයයි. නිබ්බානං යනු තෘෂ්ණා සංඛ්‍යාත වානයෙන් නික්මුණුබවින් මෙසේ කියනලද අමතපදයයි. සච්ජිකරිස්සති ප්‍රත්‍යක්‍ෂ කරන්නේය.
දෙවැන්නෙහි සම්මාපණිහිතං යනු යම්සේ බිඳීමට හැකිවේද එසේ අග උඩට තබා මනා කොට තබන ලද්දේයි. අක්කන්තං යනු මෙහි පයින්ම මඬනාලද්දේ නම් වෙයි. අතින් පෙළනාලද්දේයි. රූඪි ශබ්දවශයෙන් වනාහි ‘අක්කන්තං’ යන්නම කියනලදී. මෙය වනාහි මෙහි ආර්‍ය්‍යව්‍යවහාරයයි. කුමක්හෙයින්න් වෙනත් ඇත්දෙමට කටු මදනකටු ආදි මහත් දෙය නොගෙන සියුම් දුබල හැල්නණ්ඩු යවනණ්ඩුම ගන්නා ලද්දේද? අල්පමාත්‍රවූද කුශලකර්‍මයාගේ විවර්‍තය ලෝකෝත්තරත්වය) ට සමත්බව දැක්වීම සඳහායි. යම්සේ සියුම් දුබල හැල් නණ්ඩුව හෝ යවනණ්ඩුව හෝ වේවා! මහත්මහත් ඇත්දෙමට කටු කුකුරුමුවන් කටු ආදිය හෝ වේවා! මේවා අතුරෙහි වැරදි ලෙස තබනලද යමක් අත හෝ පය හෝ බිඳින්නට, ලේ හෝ සොලවන්නට නොහැකි වෙයිද මනාව තබන ලද්දට හැකිවේද ඉතාසුළු කොළමිටක් පමණදානමය කුශලයක් හෝ වේවා! මහත් වූ වෙලාමදානාදී කුශලයක් හෝ වේවා! ඉදින් වර්‍තසම්පත්තිය පතා වර්‍තසන්නිශ්‍රිත වශයෙන් වැරදිලෙස තබනලද්දේ වේද? වර්‍තයම ගෙනදීමට හැකිවෙයි. විවර්‍තය නොවේ. මේ මාගේ දානය ආශ්‍රවක්‍ෂය (අර්හත්වය) ගෙන දෙන්නේ වේවායි මෙසේ විවර්‍තය පතන්නහු විසින් විවර්‍තවශයෙන් තබන ලද්ද රහත් බවද පසේබුදු නුවණද සම්මා සම්බුදු නුවණද දීමට සමත් වන්නේමය. එහෙයින් කියනලදී:
‘ශ්‍රාවක පරමිතාව යම්තාක්ද එතෙක් පිළිසිඹියාවන්ද විමොක්‍ෂයන්ද (ලබා දෙනු පමණක් නොව) ප්‍රත්‍යෙකබෝධියද බුද්ධභූමියද යන සියල්ල මෙයින් ලැබේ.’
මේ සූත්‍ර දෙක්හි වර්‍තවිවර්‍තය කියනලදී.
තෙවැන්නෙහි පදුට්ඨචිත්තං යනු දේවෂයෙන් පුදූෂ්‍යවූ සිතයි. චෙතසා චෙතො පරිච්ච යනු තමාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ යනුයි. යථාභතං නිකඛිතේතා යනු යම්සේ ගෙනවුත් තබන ලද්දේයි. එවං නිරයෙ යනු මෙසේ නිරයෙහි සිටියේමයයි දැක්විය යුතුය. අපායං යනාදී සියල්ල නිරයට නම්ම වේ.
නිරය වනාහි අය සංඛ්‍යාතවූ සැපතින් ඉවත් වූයේයි අපායො නමි. දුකට පිහිට පිළිසරණ යන්නෙන් දුග්ගති නම් වේ. පව්කරන්නෝ මෙහි වහා වැටෙති යන අර්‍ත්‍ථයෙන් විනිපාතො නමි. ආස්වාද රහිත බැවින් නිරයො නමි.
සිවුවැන්නෙහි පසන්නං යනු ශ්‍රද්ධා ප්‍රසාදයෙන් පැහැදුණේයි. සුගතිං යනු සැපයේ පැවැත්ම හෙවත් උත්පත්තිස්ථානයයි. සග්ගං ලොකං යනු රූපාදී සම්පත්තීන්ගෙන් මනාව අග්‍රවූ ලොවයි.
පසවැන්නෙහි ‘උදකරහදො’ යනු දියවිලයි. ආවිලො යනු නොපැහැදුණේයි. ලුළිතො යනු කැලඹුණේයි. කල්ලීභූතො යනු මඩවූයේයි. සිප්පිසම්බුකං යන ආදියෙහි සිප්පිබෙල්ලෝද හක්බෙල්ලෝද සිප්පිසම්බුකනම්වේ. ගල්ද කැබලිතිද සක්‍ඛරකඨලං නමි. මතස්‍යයන්ගේ රංචුව, ගොඩ යනු මචඡගුම්බං නම් වේ. චරන්තම්පි තිට්ඨන්තිපි යන මෙහි ගල් කැබැලිති සිටීමය. සෙසුදේ හැසිරෙන්නේද සිටින්නේද වේ. යම්සේ වනාහි අතරතුරෙහි සිටියාවූද හුන්නාවූද වැදහොත්තාවූද ගවයන් අතුරෙහි මේ ගවයෝ හැසිරෙතියි හැසිරෙන්නවුන් මුල්කොට ගෙන සෙස්සෝද හැසිරෙතියි කියත්ද මෙසේ සිටින්නාවූම ගල් කැබැලිති ඇසුරුකොට සෙසු දෙකද සිටිතැයිකියනලදී. හැසිරෙන සෙසු දෙක ඇසුරුකොට ගල් කැබලිතිද හැසිරෙතැයිකියනලදී.
ආවිලෙන යනු නීවරණ පසින් ගැවසීගත් යනුයි. අත්තත්‍ථං යනාදියෙහි තමාගේ ඉහාත්මයෙහිවූ ලෞකික ලෝකෝත්තර මිශ්‍රිතවූ අර්‍ත්‍ථය (හිතවැඩ) අත්තත්‍ථ නම්වෙයි. එයද අනෙකා කෙරෙහි වූ අර්‍ත්‍ථයයි පරත්‍ථ නම්වේ. ඒ දෙකම උභයාර්‍ත්‍ථය නමි. උත්තරිං වා මනුස්සධම්මා දශකුශලකර්‍මපථ සංඛ්‍යාත මනුෂ්‍යධර්‍මයන්ගෙන් මත්තෙහියි. මේ දශවිධ ධර්‍මය වනාහි පිළිගන්නාවූ අන් දෙයක් නැතිවද අවිඅතුරුකප අවසන්හි හටගත් සංවේග ඇත මිනිසුන් විසින් තමන් විසින්ම පිළිගන්නා ලද හෙයින් මනුෂ්‍යධර්‍මයයි කියනුලැබේ. එයින් මත්තෙහි ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල දතයුතුය. අලමරියඤණ්දස්සන විසෙසං යනු ආර්‍ය්‍යයන්ට යෝග්‍ය වූ හෝ ආර්‍ය්‍යභාවය ඇති කරන්නට සමත් වූ හෝ ඥානදර්‍ශන සංඛ්‍යාත විශේෂයයි. ඥානයම දැනීම් අර්‍ත්‍ථයෙන් ඤණං යනුයි. දැකීම් අර්‍ත්‍ථයෙන් දස්සනයයි දතයුතුයි. දිබ්බචක්‍ඛුඤාණ, මග්ගඤාණ, ඵලඤාණ පච්චචෙක්‍ඛන ඤාණයන්ට මෙය නමකි.