අදන්ත වර්ගය
සිවුවෙනිවර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි, අදන්තං යනු නොදැමුණු ඇත්, අස් ආදීන්ගේ වැනි දඟකාරබවයි. චිත්තං යනු වර්‍තවශයෙන් උපන් සිතයි.
දෙවැන්නෙහි දන්තං යනු දැමුණු ඇත්අස් ආදීන්ගේ වැනි දඟකාරබවයි. මේ සූත්‍ර දෙකෙහිදීද වර්‍තවිවර්‍තවශයෙන් උපන් සිතම කියනලදී. මෙහි යම් සේද තන්හිද මෙසේමයි.
තෙවැන්නෙහි, අගුත්තං යනු නොරක්නාලද, සතිසංවරයෙන් විරහිතවූ නොරක්නාලද ඇත්, අස් ආදීන්ට සමානවූයි.
සතරවැන්නෙහි ගුත්තං යනු රක්නාලද; නොවිසුරුණු සතිසංවරය ඇති; රක්නාලද ඇත්අස් ආදීන්ට සමානවූයි.
පස්වෙනි සවෙනි සූත්‍ර අරක්‍ඛිතං, රක්‍ඛිතං යන පදවශයෙන් අවබෝධ කරන්නවුන්ගේ අදහස් වශයන් කියනලදී. මෙහි අර්‍ත්‍ථයවනාහි කලින් කියනලද්දට සමාන වේමැයි.
සත්වෙනි, අටවෙනි සූත්‍රයන්හිද එම ක්‍රමයමැයි. මෙහි උපමාව නොවසනලද ගෙදොර ආදි වශයෙන් දතයුතුය.
නවවෙනි, දසවෙනි සූත්‍ර සතර පදයන්ගෙන් යොදා කියනලදී. මේ වර්‍ගයෙහිද වර්‍තවිවර්‍තයම කියනලද්දේයි.
සිවුවෙනි දන්ත වර්‍ගයයි.
ශුක වර්ගය
පස්වෙනි වර්‍ගයේ පළමුවැන්නෙහි සෙය්‍යථාපි යනු උපමාර්‍ත්‍ථයෙහි නිපාතයකි. එහි භාග්‍යවතුන්වහන්සේගේ කිසිතැනක අර්‍ත්‍ථයෙන් උපමාව පිරිවරා දක්වති. වත්ථ සූත්‍රයෙහි මෙනි. පාරිච්ඡත්තකොපම අග්ගික්‍ඛවන්‍ඛාපම සූත්‍රයන්හිද මෙනි. කිසිතැනක උපමාවෙන් අර්‍ත්‍ථය පිරිවරා දක්වති. ලොණම්බිල සූත්‍රයෙහි මෙනි. සුවණ්ණාකාර සුරියොපමාදී සූත්‍රයන්හිද මෙනි. මේ සාලිකොපම සූත්‍රයෙහි වනාහි උපමාවෙන් අර්‍ත්‍ථය පිරිවරා දක්වන සේක් ‘සෙය්‍යථාපි භික්‍ඛවෙ’ ආදිය කීහ. එහි සාලිසූකං යනු හැල් ඵලයේ නණ්ඩුවයි.
යවසූක යන්නෙහිද මේ ක්‍රමයමැයි. වා ශබ්දය විකල්පාර්‍ත්‍ථ ඇත්තෙයි. මිච්ඡාපණිහිතං යනු වැරදිලෙස තබනලද්දයි. යම්සේ විදීමට හැකි වේද එසේ අගඋඩට හරවා නොතබන ලද්දෙයි අර්‍ත්‍ථයි. භෙජ්ජති යනු බිඳින්නෙයි. සිවිය සිඳින්නේයි අර්‍ත්‍ථයි. මිච්ඡාපණිහිතෙන චිතේතන යනු වැරදි ලෙස වට්ට ලෙස තබනලද සිතෙනුයි. වට්ටවශයෙන් උපන් සිත සඳහා මෙය කියනලදී. අවිජ්ජං යනු අටතැනෙක්හි නොදැනීමවූ ඝනබහුලවූ මහා අවිද්‍යාවයි. විජ්ජං උප්පාදෙස්සති යන මෙහි විජ්ජා යනු අර්‍භත්මාර්‍ගඥානයයි. නිබ්බානං යනු තෘෂ්ණා සංඛ්‍යාත වානයෙන් නික්මුණුබවින් මෙසේ කියනලද අමතපදයයි. සච්ජිකරිස්සති ප්‍රත්‍යක්‍ෂ කරන්නේය.
දෙවැන්නෙහි සම්මාපණිහිතං යනු යම්සේ බිඳීමට හැකිවේද එසේ අග උඩට තබා මනා කොට තබන ලද්දේයි. අක්කන්තං යනු මෙහි පයින්ම මඬනාලද්දේ නම් වෙයි. අතින් පෙළනාලද්දේයි. රූඪි ශබ්දවශයෙන් වනාහි ‘අක්කන්තං’ යන්නම කියනලදී. මෙය වනාහි මෙහි ආර්‍ය්‍යව්‍යවහාරයයි. කුමක්හෙයින්න් වෙනත් ඇත්දෙමට කටු මදනකටු ආදි මහත් දෙය නොගෙන සියුම් දුබල හැල්නණ්ඩු යවනණ්ඩුම ගන්නා ලද්දේද? අල්පමාත්‍රවූද කුශලකර්‍මයාගේ විවර්‍තය ලෝකෝත්තරත්වය) ට සමත්බව දැක්වීම සඳහායි. යම්සේ සියුම් දුබල හැල් නණ්ඩුව හෝ යවනණ්ඩුව හෝ වේවා! මහත්මහත් ඇත්දෙමට කටු කුකුරුමුවන් කටු ආදිය හෝ වේවා! මේවා අතුරෙහි වැරදි ලෙස තබනලද යමක් අත හෝ පය හෝ බිඳින්නට, ලේ හෝ සොලවන්නට නොහැකි වෙයිද මනාව තබන ලද්දට හැකිවේද ඉතාසුළු කොළමිටක් පමණදානමය කුශලයක් හෝ වේවා! මහත් වූ වෙලාමදානාදී කුශලයක් හෝ වේවා! ඉදින් වර්‍තසම්පත්තිය පතා වර්‍තසන්නිශ්‍රිත වශයෙන් වැරදිලෙස තබනලද්දේ වේද? වර්‍තයම ගෙනදීමට හැකිවෙයි. විවර්‍තය නොවේ. මේ මාගේ දානය ආශ්‍රවක්‍ෂය (අර්හත්වය) ගෙන දෙන්නේ වේවායි මෙසේ විවර්‍තය පතන්නහු විසින් විවර්‍තවශයෙන් තබන ලද්ද රහත් බවද පසේබුදු නුවණද සම්මා සම්බුදු නුවණද දීමට සමත් වන්නේමය. එහෙයින් කියනලදී: