නීවරණප්රහාණ වර්ගය
දෙවෙනි වර්ගයෙහි පළමු සූත්රයෙහි, ‘එකධම්මම්පි’ යන මෙහි ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති’ යනාදියෙහි මෙන් අනාත්මාර්ත්ථයෙන් ධර්මය දතයුතුය. එහෙයින් ‘එකධම්මම්පි’ යනු නිස්සත්ව (අනාත්ම) වූඑක් ස්වභාවයක් යන මේ අර්ත්ථයයි. ‘අනුප්පන්නො වා’ යන මෙහි වනාහි ‘භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’, ‘යාවතා භික්ඛවෙ සත්තා අපදා වා දිපදා වා’ යන ආදියෙහි මෙන් ‘වා’ ශබ්දය සමුච්චයාර්ත්ථයෙන් දැක්විය යුතුය. විකල්පාත්ර්තයෙහි නොවේ. යම් ධර්මයකින් නුපන්නාවූද කාමච්ඡන්දය උපදීදඋපන්නාවූද කාමච්ඡන්දය බොහෝබව සඳහා විපුලබව සඳහා පවතීද සුභනිමිත්ත යම්සේද එසේ මෙබඳු වෙනෙකක් මම නොදකිමි යනු මේ මෙහි අත්ර්තයයි. එහි ‘අනුප්පන්නො’ යනු නූපන්, නොහටගත්, නොපහළවූ, සමුත්ගත නොවූයි. කාමච්ඡන්දො යනු ‘යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දිකාමතණ්හා’ යනාදී ක්රයෙන් විස්තර කරන ලද කාමච්ඡන්ද නීවරණයයි. උප්පජ්ජති යනු උපදියි පහළවෙයි. ඒ මේ කාමච්ඡන්දය වනාහි නොහැසිරීම් වශයෙන් හෝ නොවිඳි අරමුණු වශයෙන් හෝ නූපන්නේ උපදීයයි දතයුතුයි. වෙනත් අයුරකින් නොදත් අග් ඇති සසරෙහි නූපන් දෙයක් නම් නැත.
එහි ඇතැමෙකුට වත් වශයෙන් කෙළෙස් නොහැසිරෙයි. ඇතමෙකුට ග්රන්ථධුතඞ්ග, සමාධිවිපස්සනා නවකම්මභාවනාවන්ගෙන් එකක් වශයෙන් නොහැසිරෙයි. කෙසේනම් ඇතමෙක් වත්තසම්පන්නයෙක් වෙත්ද? දෙඅසූවක් සුළුවත්ද තුදුස්මහවත්ද සෑමිදුල්, බෝමිදුල් පැන්හල් පොහොයගේ අමුත්තන් ගමිකයන් පිළිබඳවත්ද කරන්නාවූ ඔහුගේ කෙළෙස්වලට ඉඩක් නොලැබෙයි. පසුකාලයෙහි වනාහි වත් අතහැර බුන්වත් ඇතිව හැසිරෙන්නාවූ ඔහුට අයෝනිසෝමනසිකාරයද සිහිමුළාවද අවුත් කෙලෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නමි.
ඇතමෙක් ග්රන්ථයන්හි යෙදුනෝ වෙත්. එක්ම නිකායක් උගණිත්. නිකාය දෙකක්ද තුනක්ද සතරක්ද පහක්ද උගණිති. ත්රිපිටක බුද්ධවචනය අර්ත්ථවශයෙන් පෙළ වශයෙන් ගැලපීම් වශයෙන් පෙරපර වශයෙන් ගන්නාවූ සජ්ක්ධායනය කරන්නාවූ කියවන්නාවූ දෙසන්නාවූ පවසන්නාවූ ඔහුගේ කෙලෙස් ඉඩක් නොලබයි. පසුකල්හි ග්රන්ථකර්මය අතහැර කුසීතව හැසිරෙන්නාවූ ඔහුට නුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නම් වෙයි.
ඇතමෙක් වනාහි ධුතංගධාරී වෙති. තෙළෙස් ධුතගුණයන් මනාව ගෙන පවතිත්. ධුතුගුණයන් පරිහරණය කරන ඔහුගේ කෙළෙස් ඉඩක් නොලබයි. පසුකල්හි ධුතංගයන් අතහැර බහුලත්වයට හැරී හැසිරෙන ඔහුට නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙලෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදී නම් වෙයි.
ඇතමෙක් සමවත් අටෙහි පුරුදු කළ වසඟ ඇත්තෝ වෙති. ප්රමධ්යානාදියෙහි ආවජීනවශී ආදීන්ගේ වශයෙන් වසන්නාවූ ඔහුගේ කෙලෙස් ඉඩක් නොලබයි. පසු කල්හි පිරිහුන් ධ්යාන ඇතිව අත්හළ ධ්යාන ඇතිව දොඩමලුවීම් ආදියෙහි යෙදී වසන්නාවූ ඔහුගේ නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව අවුත් කෙළෙස් උපදියි. මෙසේ ද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදී නම්වේ.
ඇතමෙක් වනාහි විදර්ශකයෝ වෙත්. සත් අනුපස්සනාවන් හෝ අටළොස් මහා විදර්ශනාවන්හි හෝ කටයුතුකරමින් වාසයකරත්. මෙසේ හැසිරෙන ඔහුගේ කෙළෙස් ඉඩක් නොලබයි. පසු කල්හි විදර්ශනාකර්මය අතහැර කයෙහි දැවිල්ල බහුලව වස්නාවූ ඔහුගේ නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නමි.
ඇතමෙක් නවකම් කරන්නෝ වෙත්. පොහොයගේ බොජුන්හල ආදිය කරවත්. ඒවායේ උපකරණයන් සිතන්නාවූ ඔහුගේ කෙළෙස් ඉඩක් නොලබයි. පසුකල්හි වනාහි නවකම් නිමිකල්හි හෝ අත්හළ කල්හි නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියි නමි,
ඇතමෙක් වනාහි බඹලොවින් අවුත් සුද්ධසත්වයෝ වෙති. ඔහුගේ නොපුරුදුබවින් කෙළෙස් ඉඩක් නොලබයි. පසු කල්හි ලබනලද පුරුදු ඇති ඔහුගේ නුනුවණින් මෙනෙහි කිරීම සිහිමුළාව පැමිණ කෙළෙස් උපදියි. මෙසේද නොහැසිරීම් වශයෙන් නූපන්නේ උපදියිනමි, [missing trans]
නොවිඳි අරමුනු වශයෙන් කෙසේවේද? මෙහි ඇතමෙක් නොවිඳිවිරූ සිත්ගන්නාවූ රූපාදි අරමුණක් ලබත්. ඔහුට එහි නුනුවණින් මෙනෙහි කිරීම හා සිහිමුළාව පැමිණ රාගය උපදියි. මෙසේ නොවී අරමුණුවශයෙන් නූපන්නේ උපදියි නම් වෙයි.
උප්පන්නො යනු හටගත්, උපන්, පහළවූ, ඇතිවූ යනුයි. භීය්යොභාවාය යනු යළියළිත් බවටයි. වෙපුල්ලාය යනු විපුලබවට, මහත්බවට, සමූහබවටයි. එහි වරක් උපන් කාමච්ඡන්දය නිරුද්ධ නොවන්නේය; වරක් නිරුද්ධවූයේ වුවද හෙට යළි උපදින්නේය යන මෙය නොයෙදේ. එකක් නිරුද්ධවූ කල්හි ඒ අරමුණෙහි හෝ වෙනත් අරමුණක හෝ නැවතනැවත උපදිමින් බොහෝබව සඳහා මහත්බව සඳහා පවතීනමි.