කතමො එක ධම්මො යනු කියනු කැමති(ව) විමසීමයි. බුද්ධානුස්සති යනු බුදුන් අරබයා උපන් යළියළිත් සිහිකිරීමයි. බුදුගුණය අරමුණු කොට ඇති සිහියට මෙය නමෙකි. ඒ මේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය දෙපරිදි වෙයි. සිත සතුටුවීම සඳහා මෙන්ම විපස්සනාව සඳහාද යනුවෙනි. කෙසේද? යම් විටෙක අසුහාරම්මණයන් අතුරෙන් යම් අරමුණක් වඩන්නාවූ භික්‍ෂුවගේ සිත හට ගැනීම වෙහෙසෙයි. කළකිරෙයි. ආස්වාද රහිත වෙයි. වීථියට නොඑළඹෙයි. කුළු ගොනෙකු මෙන් ඔබිමොබ දුවයි. එකෙණෙහි එය මුල් කොට ඇති කර්‍මස්ථානය හැර බුදුරජාණන් වහන්සේ ඒ කාරණයෙනුදු භාග්‍යවත් වනසේක. (ඉතිපිසො භගවා) යනාදී ක්‍රමයෙන් තථාගතයන් වහන්සේගේ ලෞකික ලෝකෝත්තර ගුණයන් සිහි කරයිද මෙසේ බුදුන් සිහි කරන්නාවූ ඔහුගේ චිත්තොත්පාදය පහදියි. නීවරණ රහිත වූයේ වෙයි. හෙතෙම ඒ සිත දමනය කොට මනාව දමනය කොට නැවත මුල් කමටහනම සිහි කරයි. කෙසේද? යම් සේ නම් බලවත් පුරුෂයෙක් කුළුගෙයි කැණිමඬල සඳහා මහ ගසක් සිඳින්නේ අතුරපතර කැපීමේදී පොරෝ මුවත නැතිවූ විට මහගස කැපීමට නොහැක්කේ වුවද අදහස අත නොහැර කම්මලට ගොස් තියුණු පොරොවක් කරවා යළි ඒ ගස සිඳින්නේද එසේ මේ කාරණය දතයුතුය. හෙතෙම මෙසේ බුද්ධානුස්සති වශයෙන් සිත මනාව දමනය කොට යළි මුල් කමටහන මෙනෙහි කරන්නේ අසුභාරම්මණ සහිත වූ ප්‍රථමධ්‍යානය උපදවා ධ්‍යානාංග සම්මර්‍ශනය කොට ආර්‍ය්‍ය භූමියට බැස ගනී. මෙසේ සිත සතුටුවීම සඳහා වෙයි.
යම් කලෙක වනාහි මෙතෙම බුද්ධානුස්මෘතිය සිහි කොට කවරෙක් මේ භාග්‍යවතුන් වහන්සේ වන සේක්දැයි ආදි ක්‍රමයෙන් සිහි කළේද? ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දෙවිමිනිස් මාර බ්‍රහ්මයන් අතුරෙන් යම් කෙනක්දැයි සලකන්නේ, අන් කිසිවෙක් නොවේ. සිහියෙන් යුත් සිතම සිහි කළේයයි දැක ඒ මේ සිත ස්කන්‍ධ වශයෙන් විඥානස්කන්‍ධය වෙයි. එයින් යුක්තවූ වේදනාව වේදනාස්කන්‍ධයයි. එයින් යුක්තවූ සංඥාව සංඥාස්කන්‍ධයයි.එක්ව හටගත් ස්පර්‍ශාදිය සංස්කාරස්කන්‍ධයයි. මේ සතර අරූප ස්කන්‍ධයෝ වෙතැයි අරූපයද ව්‍යවස්ථාපනය කොට එයට නිශ්‍රයක් සොයන්නේ හෘදයවස්තුව දැක එයට නිශ්‍රයවූ සතර මහාභුතද ඒවා උපාදාය කොට පැවති සෙසු උපාදාරූපද සලකා මේ සියලු රූපය රූපස්කන්ධයයි නිගමනය කොට මේ රූපයද පළමු අරූපයදැයි සැකෙවින් රූපාරූපය ප්‍රභේදවශයෙන් පඤචස්කන්‍ධයන් යළි සැකෙවින් මේ ස්කන්‍ධ පස දුක්‍ඛ සත්‍යයි දුක්‍ඛසත්‍යය නිශ්චය කොට එය උපදවන්නාවූ තෘෂ්ණාව සමුදය සත්‍යයයිද එහි නිරෝධ නිරෝධ සත්‍යයයයිද නිරෝධය උපදවන්නාවූ ප්‍රතිපදාව මාර්‍ග සත්‍යයයිද මෙසේ පූර්‍වභාගයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයන් ව්‍යවස්ථාපනය කොට පිළිවෙළින් ආර්‍ය්‍ය භූමියට එළඹෙයි. එකල්හි ඔහුට මේ කමටහන විදර්‍ශනාව සඳහා නම් වෙයි. අයං ඛො යනාදීවූ අපර්ණා වාරය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුයි.
ධම්මානුස්සති ආදියෙහිද මේ ක්‍රමයෙන්ම දතයුතුයි. ධම්මානුස්සති ආදියෙහිද මේ ක්‍රමය ඇත්තේමැයි. මේ වනාහි වචනාර්ථයයි. ධර්‍මය අරභයා උපන් අනුසමෘතිය ධම්මානුස්සතියයි (භාග්‍යවතුන්වහන්සේ විසින්) මනාව දෙසනලදැයි ආදී ධර්‍මයේ ගුණ අරමුණකොට ඇති සිහියට මේ නමකි. සංඝයා අරභයා උපන් අනුස්මෘතිය සංඝානුස්සතියයි. මනාව පිළිපන් ආදී සංඝගුණ අරමුණුකොට ඇති සිහියට මේ නමකි. ශීලය අරභයා උපන්නාවූ අනුස්මෘතිය සීලානුස්සතියයි. කඩනොවීම් ආදී සිල් ගුණ අරමුණුකොට ඇතිවන සිහියට මේ නමකි. ත්‍යාගය (අත්හැරීම) අරභයා උපන්නාවූ අනුසමෘතිය චගානුස්සතියයි. මුත්තචාගතා ආදී ත්‍යාග ගුණ අරමුණුකොට ඇතිසිහියට මේ නමකි. දෙවියන් අරභයා උපන්නාවූ අනුස්මෘතිය දෙවතානුස්සතියයි. දෙවියන් සාක්‍ෂිස්ථානයෙහි තබා තමන්ගේ ශ්‍රද්ධාදී ගුණ අරමුණුකොට ඇතිවන සිහියට මේ නමකි. ආනාපානයන් (ආශ්වාස ප්‍රශ්වාසයන්) අරභයා උපන්නාවූ අනුස්මෘතිය ආනාපානසතියයි. හුස්ම ඉහලට ගැනීමේ හා පහලට ගැනීමේ නිමිති අරමුණුකොට ඇතිවන සිහියට මේ නමකි. මරණය අරභයා උපන්නාවූ අනුස්මෘතිය මරණානුස්සතියයි. ජීවිතින්‍ද්‍රිය විනාශවීම අරමුණු කොට ඇතිවන සිහියට මේ නමකි. කේශාදි ප්‍රභේද ඇති රූපකායට ගියේ හෝ කයෙහි ගියේනුයි කායගතානමි. කායගතවූයේත් සතියවූයේත් එමනුයි කායගතසතියයි කිවයුතුකල්හි හ්‍රස්වය නොකොට කායගතා සතියයි කියනලදී. කෙශාදි ශරීර කොටස් නිමිති අරමුණුකොට ඇති සිහියට මේ නමකි. සංසිදීම අරභයා උපන්නාවූ අනුස්මෘතිය උපසමානුස්සතියි. සියලුදුක් සංසිදීම අරමුණුකොට ඇති සිහියට මේ නමකි. අච්චන්තූපසමය ඛයුපසමයයි සංසිඳීම දෙපරිදි හෝ වෙයි. එහි අච්චන්තඋපසමය (අත්‍යන්ත ව්‍යුපශමනය) නම් නිවනයි. ඛයූපසමය නම් මාර්‍ගයයි. මෙසේ මේ දෙයාකාරවූ සංසිඳීම සිහි කරන්නාට උපන් සිහිය උපසමානුස්සතියයි. මෙහි මේ අර්‍ත්‍ථයයි. මෙසේ මේ දශ කර්‍මස්ථානයන් අතුරෙන් ආනාපානසති මරණසති. කායගතාසති යන මේ තුන විදර්‍ශනාව සඳහා වෙයි. සෙසුසත සිත සතුටු කිරීම සඳහා වූයේ වෙයි.
පළමුවැනි වර්‍ගයයි.
දෙවන වර්ගය
දෙවැන්නෙහි මිච්ඡාදිට්ඨ යනු දෙසැට ආකාරවූ මිථ්‍යාදෘෂ්ටියට මේ නමකි. මිච්ඡාදිට්ඨකස්ස යනු ඒ දෘෂ්ටියෙන් යුක්ත වූවහුටයි.
සම්මාදිට්ඨ යනු පස් ආකාරවූ සම්‍යක්දාෂ්ටියට මේ නමකි. සම්මාදිට්ඨකස්ස යනු ඒ දෘෂ්ටියෙන් යුක්තවූවහුටයි.
අයොනිසො මනසිකාරො යනු වැරදි අයුරින් සලකා බැලීමයි.
යොනිසොමනසිකාරො යනු නිවැරදි අයුරින් මෙනෙහි කිරීමයි. එහි වැරදිලෙස මෙනෙහි කරන්නාට පෙර නූපන් මිත්‍ථ්‍යාදෘෂටිය උපදියි. උපන් මිථ්‍යාදෘෂ්ටිය පිළිවෙළට බැස ගැන්ම තෙක් වැඩෙයි. පිළිවෙළට බැස ගත් විට වැඩුනේ නම් වෙයි. [missing trans]