ආධ්‍යාත්මික වර්ගය
දසවෙනි වර්‍ගයෙහි අජ්ක්‍ධත්තිකං යනු ස්වකීය අධ්‍යාත්ම වශයෙන් ආධ්‍යාත්මික වූ යනුයි. අඞ්ගං යනු කාරණයයි. ‘ඉති කරිත්‍වා’ යනු මෙසේ කොට යනුයි. ‘මහණෙනි තමා අයත්වූ පුද්ගලයන්ට වෙන් වශයෙන් අයත්වූ, තමාගේ සිතෙහි හටගත් කාරණයකැයි කොට වෙනත් එක් කාරණයකුදු නොදකිම්’ යන මෙය කියනලද්දේවෙයි.
බාහිරං යනු තමා අයත් සන්තානයෙන් පිටත හටගත්තේයි. ‘සද්ධම්මස්ස’ යනු මනාදහම් ඇති ශාසනයාගේ යනාර්‍ත්‍ථයි. ‘සමේමාසාය’ යනු විනාශය සඳහායි. අන්තරධානාය යනු අප්‍රකටව වීමටයි.
ඨිතියා යනු චිරස්ථිතිය සඳහායි. ‘අසමේමාසාය අනන්තරධානාය’ යනු කියනලද දෙයට විරුද්ධ නයින් දතයුතුයි. මෙහි සෙස්ස චතුකෝකයෙහි කියනලද ක්‍රමය ඇත්තෙමයි.
මින් මත්තෙහි වූ ‘අධම්මං ධමේමාති දීපෙනති’ යනාදියෙහි සූත්‍රාන්ත ක්‍රමයෙන් වනාහී දශකුශලකර්‍මපථ ධර්‍මයයි. දශ අකුශලකර්‍මපථ අධර්‍මයයි. එසේම සතර සතිපට්ඨන සතර සම්‍යක්ප්‍රධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්‍ද්‍රිය, පංචබල, සප්ත බෝධ්‍යංග ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය යන සත්තිස් බෝධිපාක්‍ෂිකයෝ ධර්‍මයයි. සතිපට්ඨාන තුන, සම්‍යක් ප්‍රධාන තුන, සෘද්ධිපාද තුන, ඉන්‍ද්‍රියසය, බලසය, බෝධ්‍යංග අට, නවාංගික මාර්‍ගය යනු ද මේ අධර්‍මයයි. උපාදාන සතර, නීවරණ පස, අනුසය සත, මිථ්‍යා අටද යන මෙය ධර්‍මයයි. උපාදාන සතර, නීවරණ පස, අනුසය සත, මිත්‍යා අටද යන මෙය අධර්‍මයයි.
එහි යම්කිසි එක් අධර්‍ම කොටසක් ගෙන මේ අධර්‍මය ධර්‍මයයි කරමු. මෙසේ අපගේ ගුරැකුලය නෛර්‍ය්‍යානිකවෙයි. අපිද ලෝකයෙහි ප්‍රකට වන්නෙමුයයි ඒ අධර්‍මය මේ ධර්‍මයයි කියන්නාහු අධම්මං ධමේමාති දීපෙන්ති (අධර්‍මය ධර්‍මයයි දක්වත්) නම් වෙයි. එසේම ධර්‍ම කොට්ඨාසයන් අතුරින් එකක් ගෙන මේ අධර්‍මයයි කියන්නාහු ධම්මාං අධමේමාති දීපෙන්ති නම්වෙයි. විනය ක්‍රමයෙන් වනාහි, සිදුවූ (සත්‍යවූ) වස්තුවකින් (මූලාධාරයකින්) චෝදනාකොට සිහිගන්වා ප්‍රතිඥාව පරිදි කළයුතු කර්‍මය ධර්‍මය නමි. අතථ්‍යවූ වස්තුවකින් චෝදනා නොකොට සිහි නොගන්වා ප්‍රතිඥාවෙන් තොරව කළයුතු කර්‍මය අධර්‍මය නමි. අතථ්‍යවූ වස්තුවකින් චෝදනා නොකට සිහි නොගන්වා ප්‍රතිඥාවෙන් තොරව කළයුතු කර්‍මය අධර්‍මය නමි.
සූත්‍රාන්ත ක්‍රමයෙන් නුවණින් බලා රාගය දුරු කිරීම, දේවෂය දුරුකිරීම, මෝහය දුරුකිරීම, සංවරය, අත්හැරීම, යන මෙය විනයෝ නම්වෙයි. නුනුවණින් බලා රාගාදීන්ගේ දුරු නොකිරීම, අසංවරය, අත්නොහැරීම යන මෙය අවිනයො නම් වෙයි. විනයක්‍රමයෙන් වත්‍ථුසම්පත්ති, ඤත්තිසම්පතති, අනුසාවන සම්පත්ති, සීමා සම්පත්ති, පරිස්සම්පත්ති යන මෙය විනයෝ නම් වෙයි. වත්‍ථුවිපත්ති -පෙ- පරිසවිපත්ති යන මෙය අවිනයො නමි වෙයි.
සූත්‍රාන්ත ක්‍රමයෙන් සතරසතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධානය -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්‍ගය යන මෙය (භාසිතං ලපිතං තථාගතෙන) තථාගතයන්වහන්සේ විසින් දෙසනලදී. කියනලදී. සතිපට්ඨාන තුන, සම්‍යක් ප්‍රධාන තුන, සෘද්ධිපාද තුන, ඉනද්‍රියසය, බලසය බොධ්‍යංග අට, නවාංගික මාර්‍ගය යන මෙය (අභාසිතං අලපිතං තතාගතෙන) තථාගතයන්වහන්සේ විසින් නොදෙසෙනලදි නොකියනලදී. විනය ක්‍රමයෙන් පාරාජිත සතර, සඟවෙසෙස් තෙළෙස, අනියත දෙක නිසගි පචිති තිස යන මෙය ‘භාසිතං ලපිතං තථාගතෙන’ තථාගතයන්වහන්සේ විසින් දෙසන ලදී. කියනලදී පරිජිතුන, සඟවෙසෙස් තුදුස, අනියත තුන, නිසගිපචිති තිස් එක යන මෙය අභාසිතං ලපිතං තථාගතෙන’ තථාගතයන්වහන්සේ විසින් නොපවසනලදී. නොකියනලදී.
සූත්‍රාන්ත ක්‍රමයෙන් දිනපතා ඵලසමාපත්තීන්ට සමවැදීම, මහාකරුණා සමාපත්තියට සමවැදීම, බුදු ඇසින් ලොවැබැලීම, අර්‍ත්‍ථත්පත්ති වශයෙන් සූත්‍රාන්තදේශනාව, ජතාකකථා යන මෙය ආචිණ්ණං පුරුදුකරනලදී. දිනපතා පලසමවතට සමනොවැදීම, -පෙ- ජාතක නොදෙසීම යන මෙය අනාචිණ්ණං පුරුදු නොකරණලදී. විනය ක්‍රමයෙන් ආරාධනා කරන ලදුව වස්වැස, විමසා බලා චාරිකාවෙහි හැසිරීම, වස් පවරා සැරි සැරීම, ආගන්තුකයන් සමඟ පළමුව පිළිසඳර පැවැත්වීම යන මෙය ආචිණ්ණං පුරුදු කරනලදී. ඒ පුරුදුකරනලද්දේම නොකිරීම අනාචිණ්ණං අනාචිණි නමි. (පුරුදු නොකරන ලද්දෙමි.)
සූත්‍රානත් ක්‍රමයෙන් සතර සතිපට්ඨාන -පො- අටගි මග යන මෙය ‘පඤ්ඤත්තං’ පනවන ලද්දේනම් වෙයි. සතිපට්ඨාන තුන -යන- නවාංගික මාර්‍ගය යන මෙය ‘අපඤ්ඤත්තං’ නොපනවනලද්දේනම්වෙයි. විනය ක්‍රමයෙන් පරිජි සතර -පෙ- නිසගි පචිති තිස යන මෙය පඤ්ඤත්තං පනවනලද්දේ නම්වෙයි. පරිජි තුන නිසඟි පචිති එක්තිස යන මෙය අපඤ්ඤත්තං නොපනවනලද්දේ නම් වෙයි.
සියලු සූත්‍රදේශනාවන්ගේ අවසානයෙහි යම් මේ ‘තෙචිමං සද්ධම්මං අන්තරධාපෙන්ති’යි කියනලද්දක්වේද, එහි අධිගම අන්තරධානය, පටිපත්ති අන්තරධානය, පරියත්ති අන්තරධානය, ලිඞ්ගඅන්තරධානය ධාතු අන්තරධානයයි අතුරුදහන්වීම් පසක් නම්වෙයි. එහි අධිගමය යනු සතර මග සතරපල සිවුපිළිසිඹියා ත්‍රිවිද්‍යාව ජඅභිඤ්ඤායි. එය පිරිහෙනු ලබන්නේ පිළිසිඹියාවෙයි පටන් පිරිහෙයි. බුදුන්වහන්සේලාගේ පිරිනිවනින් අවුරුදු දහසක්ම පිළිසිඹියාවෝ ඉපදවීමට හැකිවෙත්. ඉන් මත්තෙහි අභිඥා සයයි. ඉන්පසු ඒවාද නොහැකි වන්නේ ත්‍රිවිද්‍යා උපදවයි. කල්යාමේදී ඒවාද ඉපදවීමට නොහැක්කාහු ශුෂ්කවිදර්‍ශකයෝ වෙත්. මේ ක්‍රමයෙන්ම අනුගාමීහු, සකෘදාගාමීහු සෝතාපන්නයෝ වෙත්, ඔවුන් ජීවමානකල්හි අධිගමය අතුරුදහන් නොවූයේ නම්වෙයි. අන්තිම සෝවාන් පුද්ගලයාගේ මියයාමෙන් අධිගමය අතුරුදහන්වූයේ නම්වෙයි. මේ අධිගම අන්තරධානයයි.