චිත්තපරියාදාන වර්ගය
දැන්, ‘නාහං භික්ඛෙවෙ අඤ්ඤං එකරූපම්පි සමනුපස්සාමි’ යනාදී ක්රමයෙන් භාග්යවතුන්වහන්සේ විසින් තබන (දෙසන) ලද සූත්රයාගේ වර්ණනාවට අවකාශය එළැඹියේයි. යම්හෙයකින් ඒ මේ සූත්රවර්ණනාව සූත්ර නික්ෂෙපය විමසාම කියනුලබන්නේ ප්රකටවේද එහෙයින් සූත්ර නික්ෂෙප විචාරණය එතෙක් දතයුතුය. සූත්ර නික්ෂෙපයෝ සතරෙකි. අත්තජ්ක්ධාසය, පරජ්ක්ධාසය, පුච්ජාවසික, අට්ඨුප්පත්තික යනුවෙනි. එහි භාග්යවතුන්වහන්සේ යම් සූත්රයන් අනුන්විසින් ආරාධනා නොකරනලදසේක් තමාගේ අදහසින්ම ප්රකාශ කළ සේක්ද යම් මේ ආකංඛෙය්ය සූත්රය, වත්ථු සූත්රය යන මේ ආදියයි. එම සූත්රයන්ට අත්තජ්ක්ධාසය නම් වූ නික්ෂෙපයයි. ‘පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා යන්නූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ නිනෙය්යං’ යනුවෙන් මෙසේ අනුන්ගේ අදහස, කැමැත්ත, සිත, ප්රාර්ත්ථනාව, අවබෝධ කරන බවද බලා අනුන්ගේ අදහස්වශයෙන් වදාරනලද යම් මේ සූත්රයෝ වෙත්ද කෙසේදයත්? රාහුලොවාද සූත්රය, ධම්මචක්කප්පවත්තන සූත්ර යන මේ ආදියයි. එම සුත්රන්ට පරජක්ධාසය නම්වූ නික්ෂෙපයයි. ඒ ඒ දෙවිවරු, මිනිස්සු භාග්යවතුන්වහන්සේ විසින් දෙවතාසංයුත්ත, බොජ්ක්ධඞ්ග සංයුත්ත ආදී යම් සූත්රයෝ දෙසනලද්දාහුද එම සූත්රන්ට පුච්ජාවසික නම්වූ නික්ෂෙපයයි. මෙසේ මේ සතර නික්ෂෙපයන් අතුරෙහි මේ සූත්රයට පරජ්ක්ධාසය නම්වූ නික්ෂෙපයයි. අනුන්ගේ අදහස් වශයෙන් මෙම සූත්රය දෙසනලදි. කවුරුනගේ අදහස් වශයෙන්ද යත්? රූපගරුකවූ පුරුෂයන්ගේ අදහස් වශයෙනියි.
එහි නාහං භික්ඛවෙ යන ආදියෙහි නකාරය වැළැක්වීම් අර්ත්ථ ඇත්තේයි. අහං යනුවෙන් තමා දක්වාලයි. භික්ඛවෙ යනුවෙන් භික්ෂූන් ආමන්ත්රණය කරයි. අඤ්ඤං යනු දැන් කිවයුතු ස්ත්රීරූපයෙන් අන්යවූවකි. එකරූපම්පි යනු එක් රූපයකුදුයි. සමනුපස්සාමි යනු ඤාණසමනුපස්සනාද දිට්ඨිසමනුපස්සනාදැයි සමනුපස්සනා දෙකෙහි. එහි ‘අනිච්චතො සමනුපස්සි නො නිච්චතො’ යන මෙය ඤාණසමනුපස්සනා නමි. ‘රූපං අත්තතො සමනුපස්සති’ යන ආදිය වනාහි දිට්ඨි සමනුපස්සනා නමි. ඒවා අතුරෙන් මෙහි ඤාණසමනුපස්සනාව අදහස් කරනලදි. මෙම පදයාගේ නකාරයෙන් සම්බන්ධය දතයුතුය. ‘මහණෙනි, මම සර්වඥාඥානයෙන් බලන්නෙම්ද අන් එකද රූපයකුදු නොදකින්නෙමි’ යන මෙය කියනලද්දේවෙයි.
‘යං එවං පුරිසස්සචිත්තං පරියාදාය තිට්ඨති’ යනු යම් රූපයක් රූපය ගරුකොට සලකන පුද්ගලයාගේ චතුභූමක කුශලචිත්තය මැඬගෙන, දැඩිවගෙන’ ක්ෂය කොටගෙන සිටියි. ‘සබ්බං හත්ථිකායං පරියාදියිත්වා’ යනාදියෙහි ගැනීම පරියාදාන නමි. ‘අනිච්චසඤ්ඤා භික්ඛවෙ භාවිතා බහූලීකතා සබ්බං කාමරාගං පරියාදීයති’ යනාදියෙහි ක්ෂයකිරීම (ගෙවාදැමීම)යි. මෙහි දෙඅරැතම වටී. එහි මේ රූපය චතුභූමක කුශල චිත්තය ගන්නේ පුරුෂයෙක් නිලුපුල් කළඹක් (ගන්නාක්) මෙන් අතින් නොගනී. ගෙවාදමන්නේ උදුනෙහි ගින්න ජලය මෙන් තමා ගෙවා නොදමන්නේද වෙයි. එහි උපත වළක්වමින්ම චතුභූමකවූම කුශලසිත ගන්නේ මෙන්ම ගෙවාදමන්නේයයි දතයුතුය. එහෙයින් පුරැෂයාගේ සිත මැඬගෙන සිටීයයි කියනලදී.
‘යථයිදං’ යනු යම්සේ මේයි. ඉත්ථිරූපං යනු ස්ත්රියගේ රූපයයි. එහි ‘කිඤ්ච භික්ඛවෙ රූපං වදෙථ රුප්පති’ යනු සූත්රානුසාරයෙන් රූපයාගේ වචනාර්ත්ථය මෙන්ම සාමාන්ය ලක්ෂණයද දතයුතුයි. මේ රූප ශබ්දය වනාහි, ස්කන්ධ භව නිමිත්ත ප්ර්යය ශරීරවර්ණ සංස්ථානාදීවූ නොයෙක් අත්ර්තයන්හි පවතී. මේ රූප ශබ්දය වනාහි ‘යං කිඤ්චිරූපං අතීතානාගතපච්චුප්පන්නං’ යන මෙහි රූපස්කන්ධයෙහි පවතී. ‘රූපූපත්තියා මග්ගං භාවෙති’ යන මෙහි රූප භවයෙහියි. ‘අජ්ක්ධත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති’ යන මෙහි කසිණනිමිත්තෙහියි. ‘සරූපා භික්ඛවෙ උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අරූපා’ ය මෙහි ප්රත්යයෙහියි. ‘ආකාසො පරිවාරිතො රූපන්තෙව සඞ්ඛං ගච්ඡති’ යන මෙහි ශරීරයෙහියි. ‘චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං’ යන මෙහි වර්ණයෙහියි. ‘රූපප්පමාණො රූපප්පසන්නො’ යන මෙහි සංස්ථානයෙහි (සටහනෙහි) යි. ආදි ශබ්දයෙන් ‘පියරූපං සාතරූපං’, ‘අරසරූපො’ යනාදිය ඇතුළත් කළයුතුයි. මෙහි වනාහි මේ රූප ශබ්දය ස්ත්රියගේ චතුසමුට්ඨානිකවූ රූපායතන සංඛ්යාත වර්ණයෙහි පවතියි. තවද ස්ත්රියගේ හැඳගත් ඇඳුමේ හෝ අබරණවල හෝ ගන්ධවර්ණකාදීන්ගේ හෝ පළඳනා මල්මාලා ආදීයේ හෝ යන යම්කිසි කය පිළිබැඳි වර්ණයක් පුරුෂයාගේ චක්ෂූර්විඥානයට අරමුණක්වී (රූපයබවට) යෝග්යවේද මේ සියල්ල ස්ත්රීරූපයයි දතයුතුයි.
‘ඉත්ථිරූපං භික්ඛවෙ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති’ යන මෙය පළමු ප්රාශයම තහවුරු කරනු සඳහා කියනලදි. ‘යම්සේ මහණෙනි ස්ත්රීරූපය’යි මෙසේ උපමාවශයෙන් හෝ මුල් ප්රාශය කියනලදි. මෙය මැඬ ගැනීමේ බලය දැක්වීම් වශයෙන් හෝ කියනලදි.