නිදාන වර්‍ණනාව
එහි අඞ්ගුත්තරාගමය නම් එකක නිපාතය, දුකනිපාතය, තිකනිපාතය, චතුක්කනිපාතය, පංචකනිපාතය, ඡක්කනිපාතය, සත්තකනිපාතය, අට්ඨකනිපාතය, නවකනිපාතය, දසකනිපාතය, එකාදසකනිපාතයයි, එකළොස්නිපාතයෝ වෙත්, සූත්‍ර වශයෙන්:
අඞ්ගුත්තරාගමයෙහි සූත්‍රයෝ නවදහස්පන්සිය පණස්සතක් වෙති.
එහි නිපාතයන් අතුරෙන් එකකනිපාතය මුල්වේ. සූත්‍රයන් අතුරෙහි චිත්තපරියාදාන සූත්‍රය මුල් වේ. එහිද ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් විසින් ප්‍රථම මහා සංගීති අවස්ථාවෙහිදී කියනලද ‘එවං මෙ සුතං’ යනාදි කොට ඇති නිදානය මුල්වෙයි. ඒ මේ ප්‍රථම මහා සංගීතිය සුමංගල විලාසිනී නම්වූ දීඝනිකායට්ඨකථාව ආදියෙහි විස්තර කරන ලදී. එහෙයින් එය එහි විස්තර කරනලද ක්‍රමයෙන්ම දතයුතුය.
යම් මේ එවං මෙ සුතං යනු මුල්කොට ඇති නිදානයක් වේද එහි එවං යනු නිපාත පදයෙකි. මෙ යනාදිය නාමපදයි. සාවර්‍ත්‍ථයංවිහරති යන මෙහි වි යනු උපසර්‍ග පදයකි. භරති යනු ආඛ්‍යාතපදයයි. මේ ක්‍රමයෙන් පදවිභාගය දතයුතුයි.
අර්‍ත්‍ථවශයෙන් වනාහි එවං ශබ්දය උපමා, උපදේශ, සම්ප්‍රහර්‍ෂණ (සතුට ප්‍රකාශ කිරීම) ගැරහීම, වචන පිළිගැනීම, ආකාරය, නිදර්‍ශනය, අවධාරණය කිරීම ආදී නොයෙක් අර්‍ත්‍ථප්‍රභේද ඇත්තේයි. එසේ එය, ‘එවං ජාතෙන මච්චේන කත්තබ්බං කුසලං බහුං’ යනාදියෙහි උපදේශයෙහියි. ‘එවමෙතං භගවා එවමෙතං සුගත’ යනාදියෙහි සතුට ප්‍රකාශ කිරීමෙහියි. ‘එවමෙතං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමනකස්ස වණ්ණං භාසති’ ආදියෙහි නින්දා කිරීමෙහියි. ‘එවම්හනේතති ඛො තෙ භික්‍ඛු භගවතො පච්චසේසාසුං’ යනාදියෙහි වදන් පිළිගැනීමෙහියි. ‘එවං ව්‍යා ඛො අහං භනේත භගවතා ධම්මං දෙසිතං ආජානාමි’ යනාදියෙහි ආකාරයෙහියි. ‘එහි ත්‍ථං මානව යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමි. උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුහො මානවො තොදෙය්‍ය පුතේතා භවන්තං ආනන්‍ද අප්පාබාධංපෙ ඵාසු විහාරං පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධු කිර භවං ආනන්‍දො යෙන සුහස්ස මානවස්ස තොදෙය්‍ය පුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදාය’ යනාදියෙහි නිදර්‍ශනයෙහිය. ‘ත්‍ථං කිං මඤ්ඤ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති අකුසලා භනේත. සාවජ්ජා වා අනවජ්ජා වාති සාවජ්ජා භනේත විඤ්ඤුගරහිතාවා විඤඤුප්පසත්‍ථා වාති විඤඤූගරහිතා භනේත සමත්තා සමාදින්නා අභිතාය දුක්‍ඛාය සංවත්තන්ති නොවා කථං වො එත්‍ථ හොතීති සමත්තා භනේත සමාදින්නා අභිතාය දුක්‍ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති’ යනාදියෙහි අවධාරණයෙහියි. ඒ මෙය මෙහි ආකාරයෙහි නිදර්‍ශනයෙහි හා අවධාරණයෙහි දැක්විය යුතුය.
එහි ආකාරාර්‍ත්‍ථය ඇති එවං ශබ්දයෙන් මේ අර්‍ත්‍ථය ප්‍රකට වෙයි; නොයක් නයින් නිපුණවූ, විවිධ අදහස්වලින් හටගත් අර්‍ත්‍ථ ව්‍යංජනයෙන් යුක්තවූ, විවිධ පෙළහර ඇති ධර්‍මාර්‍ත්‍ථදේශනා පටිවෙධයෙන් ගැඹුරුවූ, තම තමන්ගේ භාෂාවන්ට අනුරූපවශයෙන් ශ්‍රවණ පථයට එන්නාවූ ඒ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සර්‍වාකාරයෙන් දැනගන්නට කවරෙක් සමත්වේද, සියලු උත්සාහයෙන්ම අසනුකැමැත්ත උපදවාවුවද මේ ආකාරයෙන් මා විසින් අසනලදී. මාවිසිනුදු එක් ආකාරයකින් අසනලදී.
නිදර්‍ශනාර්‍ත්‍ථයෙන් මම තෙමේම වටහාගන්නා ලද්දෙනොවෙමි. මාවිසින් මෙය ප්‍රත්‍යක්‍ෂ නොකරනලදැයි තමා (වගකීමේන්) මිදෙමින් මාවිසින් මෙසේ අසනලදී. මාවිසිනුදු මෙසේ අසනලදැයි දැන් කිවයුතු සියලු සූත්‍රය දක්වයි.
‘අවධාරණාර්‍ත්‍ථයෙන්, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්‍ඛුනං බහුස්සුතානං යදිදං ආනන්‍දො සතිමන්තානං ගතිමන්තානං ධිතිමන්තානං උපට්ඨාකානං යදිදං ආනන්‍දො’ යනුවෙන් මෙසේ භාග්‍යවතුන්වහන්සේ විසින්ද ‘ආයස්මා ආනන්‍දො’ අත්‍ථකුසලො ධම්මකුසලො බ්‍යංජනකුසලෝ නිරුත්තිකුසලො පුබ්බාපරකුසලො’ යනුවෙන් මෙසේ ධර්‍මසෙනාධිපතීන් වහන්සේ විසින් ද පසස්නාලද බවට අනුරූපවූ තමන්ගේ ධාරණ ශක්තිය දක්වන්නේ, ‘මාවිසින් අසනලදී: එයද, වනාහි අර්‍ත්‍ථවශයෙන් හෝ බ්‍යංජන වශයෙන් හෝ නොඅඩුය. නොවැඩිය. මෙසේ මිස අන්අයුරකින් නොදැක්විය යුතුය’ යි සත්වයන්ගේ අසනුකැමැත්ත දනවිය.
‘මෙ’ ශබ්දය අර්‍ත්‍ථතුනෙක්හි දක්නාලැබේ. ‘ගාථාභිගීතං මෙ අහොජනෙය්‍යං’ යනාදියෙහි මාවිනිස් යන අර්‍ත්‍ථයි. ‘සාධු මෙ භනේත භගමා සංඛිතේතන ධම්මං දෙසෙතු’ යනාදියෙහි මට යන අර්‍ත්‍ථයයි. ‘ධම්මදායාදා මෙ භික්ඛවෙ භවං’ යනාදියෙහි මගේ යනාර්‍ත්‍ථයි. මෙහි වනාහි මාවිසින් අසන ලදැයිද මගේ ඇසීමයයිද, අර්‍ත්‍ථද්වයෙහි යෙදෙයි.
සුතං යන මේ සුත ශබ්දය උපසර්‍ග සහිතවූයේද උපසර්‍ග රහිතවූයේද, ගමන, ප්‍රසිද්ධ, තෙත්, රැස්කළ, යෙදීම, කනින් දතයුතු, ශ්‍රොතද්වාරානුසාරයෙන් දන්නාලද යනාදී නොයෙක් අර්‍ත්‍ථප්‍රභෙද ඇත්තේයි. එහෙයින්ම මෙම ශබ්දයාගේ, ‘සෙනාය පසුතො’ යනාදි තන්හි ගමන්කරන්නේ යන අර්‍ත්‍ථයි. ‘සුතධම්මස්ස’ පස්සතො යනාදි තන්හි ප්‍රකට ධර්‍මයාගේ යානාර්‍ත්‍ථයි. ‘අවස්සුතානවස්සුතස්ස’ යනාදී තන්හි තෙත් වූ නොතෙත්වූවහුගේ යන අර්‍ත්‍ථයි. ‘තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං’ යනාදි තන්හි රැස්කළ යන අර්‍ත්‍ථයි. ‘යෙ ඣනපසුතා ධීරා’ යනාදි තන්හි ධ්‍යානයෙහි යෙදුණු යන අර්‍ත්‍ථයි. ‘දිට්ඨං සුතං මුතං’ යනාදි තන්හි ශ්‍රොතවිඥනයෙන් දතයුතු යන අර්‍ත්‍ථයි ‘සුතධරො සුතසන්නිචයො’ යනාදි තන්හි ශ්‍රොතද්වාරානුසාරයෙන් දතයුතු දේ දරන්නාවූ යන අර්‍ත්‍ථයි. මෙහි වනාහි මේ (සුත ශබ්දයාගේ) ශ්‍රොතද්වාරානුසාරයෙන් සලකාබැලූ හෝ සලකා බැලීම හෝ යන අර්‍ත්‍ථයි. ‘මෙ’ ශබ්දයට මා විසින් යන අර්‍ත්‍ථය ඇති කල්හි මෙසේ මාවිසින් අසනලදී, ශ්‍රොතද්වාරානුසාරයෙන් සලකා බලනලදි යනු යෙදෙයි. මගේ යන අර්‍ත්‍ථය ඇති කල්හි මෙසේ මගේ ඇසීමයි, ශ්‍රොතද්වාරානුසාරයෙන් සලකා බැලීමයි යනු යෙදෙයි.