91. යමක්හට කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද කුශලධර්මයෝ උපන්නාහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්මයෝ ද උපන්නාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපන්නාහ යත්: එසේ යි.
92. යමක්හට කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කුශලධර්මයෝ උපන්නාහ, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට කුශලධර්මයෝ ද උපන්නාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපන්නාහ යත්: එසේ යි.
93. යමක්හට අකුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ උපන්නාහ, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු ඔවුනට අකුශලධර්මයෝ ද උපන්නාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ උපන්නාහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
94-96. යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
97. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි කුශලධර්මයෝ උපන්නාහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්මයෝ ද උපන්නාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශල ධර්මයෝ ද උපන්නාහ.
98. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි කුශලධර්මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්මයෝ ද උපන්නාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ ද නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපන්නාහ.
99. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ උපන්නාහ, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්මයෝ ද උපන්නාහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ උපන්නාහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද උපන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද උපන්නාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
100. යමක්හට කුශලධර්මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.
101. යමක්හට කුශලධර්මයෝ නො උපන්නාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නො උපන්නාහ යත්: උපන්නාහ.