73. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට කුශලධර්මයෝ උපදිති, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි කුශලධර්මයෝ ද උපදිති, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදිත්.
74. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදිත්.
75. යමක්හට අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ. අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
79. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්මයෝ උපදිති, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි කුශලධර්මයෝ ද උපදිති, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශලවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදිත්.
80. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශලවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද උපදිත්.
81. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද උපදිති. (අනුලෝමපුද්ගලාවකාශ යි.)