55. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අකුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපදිත්.
56. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපදිත්.
57. යමක්හට අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
61. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපදිත්.
62. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශලවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපදිත්.
63. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.