37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
40. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
41. යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
42. යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි)
43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)