19. යමක්හට කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්මයෝ උපන්හ යත්: එසේ යි.
20. යමක්හට කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්මයෝ උපන්හ යත්: එසේ යි.
21. යමක්හට අකුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්මයෝ උපන්හ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
22. යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්මයෝ උපන්හ යත්: එසේ යි.
23. යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් එහි කුශලධර්මයෝ උපන්හ යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ, එහි කුශලධර්මයෝ නො ද උපන්හ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපන්හ.
24. යම් තැනෙක අකුශලධර්මයෝ උපන්නාහු නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් එහි අකුශලධර්මයෝ උපන්හ යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ, එහි අකුශලධර්මයෝ නො ද උපන්හ. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
25. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන අකුසල් සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපන්හ.
26. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඔහුට එහි කුශලධර්මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්මයෝ ද උපන්හ.
27. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්මයෝ උපන්හ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද උපන්හ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්මයෝ ද උපන්හ. (අනුලෝමාවකාශ යි.)
28. යමක්හට කුශලධර්මයෝ නො උපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ නො වූහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට කුශලධර්මයෝ නො උපන්හ යත්: නැති.