1. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්මයෝ උපදිති යත්: නැති.
2. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට කුශලධර්මයෝ උපදිති යත්: නැති.
3. යමක්හට අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්මයෝ උපදිති යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)
4. යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්මයෝ උපදිති යත්: එසේ යි.
5. යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්මයෝ උපදිති යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති, එහි කුශලධර්මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වෙති, කුශලධර්මයෝ ද උපදිත්.
6. යම් තැනෙක අකුශලධර්මයෝ උපදිත් නම් එහි අව්යාකෘත ධර්මයෝ නිරුද්ධ වෙති යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙත් නම් එහි කුශලධර්මයෝ උපදිති යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති, එහි අකුශලධර්මයෝ නො ද උපදිත්. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝමාවකාශ යි.)
7. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: නැති.
8. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: නැති.
9. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙති යත්: නැති.
තවද යමක්හට තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්මයෝ උපදිති යත්: නැති.
(අනුලෝමපුද්ගලාවකාශ යි.)
10. යමක්හට කුශලධර්මයෝ නූපදිත් නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ නො වෙති යත්: අකුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කුශලධර්මයෝ නූපදිති, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ නො වෙත්. කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට කුශලධර්මයෝ ද නූපදිති, අකුශලධර්මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට එහි කුශල ධර්මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්මයෝ නො ද නූපදිත්, අකුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධයසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අකුශලධර්මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්මයෝ ද නූපදිත්.
11. යමක්හට කුශලධර්මයෝ නූපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්මයෝ නූපදිති, ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි කුශල විප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්මයෝ ද නූපදිති, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වෙත්.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වෙත් නම් ඕහට කුශලධර්මයෝ නූපදිති යත්: කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වෙති, ඔවුනට කුශලධර්මයෝ නො ද නූපදිත්. උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වෙති, කුශලධර්මයෝ ද නූපදිත්.
12. යමක්හට අකුශලධර්මයෝ නූපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වෙති යත්: ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්මයෝ නූපදිති, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ නො වෙත්. උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අරූපයෙහි කුශලාකුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි දැ යි ඔවුනට අකුශලධර්මයෝ ද නූපදිති, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ නො වෙත්.