73. යමක්හට කුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි දැ යි ඔවුනට කුශලධර්මයෝ නිරුද්ධ වෙති, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද නිරුද්ධ වෙත්.
74. යමක්හට කුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට කුශලධර්මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද නිරුද්ධ වෙත්.
75.යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
79. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්මයෝ නිරුද්ධ වෙති, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. කුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්මයෝ ද නිරුද්ධ වෙති, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි කුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද නිරුද්ධ වෙත්.
80. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද නිරුද්ධ වෙත්.
81. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)