91. යමක්හට කුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු ද ඔවුනට කුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
92. යමක්හට කුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ වූහ ද යත්: එසේ යි.
93. යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි වූ ඔවුනට අකුශලධර්මයෝ නිරුද්ධ වූහ. ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අකුශලධර්මයෝ ද නිරුද්ධ වූහ. අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
94-96. යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
97. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්රමාර්ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්රමාර්ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද නිරුද්ධ වූහ.
98. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි කුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි කුශලධර්මයෝ ද නිරුද්ධ වූහ, අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්මයෝ ද නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්මයෝ ද නිරුද්ධ වූහ.
99. යමක්හට යම් තැනෙක අකුශලධර්මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අකුශලධර්මයෝ ද නිරුද්ධ වූහ. අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්මයෝ නිරුද්ධ වූහ යත්: ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද නිරුද්ධ වූහ. ඔවුන්ගෙන් සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට ද එහි අව්යාකෘතධර්මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්මයෝ ද නිරුද්ධ වූහ.
(අනුලෝමපුද්ගලාවකාශ යි.)
100. යමක්හට කුශලධර්මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ නො වූහ.
101. යමක්හට කුශලධර්මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
102. යමක්හට අකුශලධර්මයෝ නිරුද්ධ නො වූහු නම් ඕහට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: නැති.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නිරුද්ධ නො වන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නිරුද්ධ නො වූහ යත්: නිරුද්ධ වූහ.
(ප්රත්යනීකපුද්ගල යි.)
103-105. යම් තැනෙක කුශලධර්මයෝ නිරුද්ධ නො වූහු නම් එහි අකුශලධර්මයෝ නිරුද්ධ නො වන්නාහ යත්: …
(ප්රත්යනීකාවකාශ යි.)