55. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
56. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙති. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
57. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. අකුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: … (අනුලෝමාවකාශ යි.)
61. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වූහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
62. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වෙති යත්: සියල්ලනට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද කුශලවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ. ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වෙත්. කුශලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වූහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වෙත්.
63. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වෙත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වූහ යත්: එසේ යි.