37. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
38. යමක්හට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
39. යමක්හට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගෙන් සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ. (අනුලෝමපුද්ගල යි.)
40-42. යම් තැනෙකැ කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: … (අනුලෝමාවකාශ යි.)
43. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, අකුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
තවද යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
44. යමක්හට යම් තැනෙක කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙක අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද නිරුද්ධ වන්නාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ, කුශලධර්‍මයෝ ද නිරුද්ධ වන්නාහ.
45. යමක්හට යම් තැනෙක අකුශලධර්‍මයෝ නිරුද්ධ වන්නාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ නිරුද්ධ වන්නාහ යත්: එසේ යි.