181. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.
182. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
183-184. යමෙක් යම් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.
185. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
186. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි,