73. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
74. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු කාමධාතුයෙහි දෙ වැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතය හ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
77. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
78. යමෙක් එහි තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
තව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හුම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
79. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
තව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.