169. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
170-180. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය උපන්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය ද නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි. … (අනුලෝමපුද්ගල යි)
(නිරෝධවාරයෙහි අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් නො මුළා වැ බෙදිය යුත්තාහ. නිරෝධවාරය හා සම යි. වෙනසෙක් නැති.)
අතීතානාගතවාර යි.
උත්පාදනිරෝධවාර නිමි.
6. පරිඥාවාරය
1-180 යමෙක් කායසංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම වාක්සංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තවද යමෙක් වාක්සංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම කායසංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
(ස්කන්‍ධයමකයෙහි පරිඥාවාරය යම්සේ බෙදන ලද ද එසේ සංස්කාර යමකයෙහි ද පරිඥාවාර බෙදියයුතු ය.)
පරිඥාවාර නිමි.
සංස්කාරයමක නිමියේ යි.