151. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්රශ්වාසයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
152. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්රශ්වාසයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
153. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි සියල්ලනට ද විතර්කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
154-156. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
157. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන්නවුනට ආශ්වාසප්රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්රථමධ්යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්රශ්වාසයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ ය.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්රථමධ්යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්රශ්වාසයන්ගේ භඞ්ගක්ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්රථමධ්යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
158. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්රශ්වාසයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.