109. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.
110. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.
111. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට ... නැති. (අනුලෝමපුද්ගල යි)
112-114. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: ද්විතීයධ්‍යාන වූ තෘතීයධ්‍යාන වූ එහි ... (අනුලෝමාවකාශ යි)
(සෙසු යත්‍ථකයන්ගේ බෙදීම හා සමාන යි.)
115-117. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
118. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට යම් වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.
119. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නො උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.
120. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදී. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
121-123. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
124-126. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි, යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො ලැබේ.
ප්‍රත්‍යුත්පන්නවාර යි.