127-129. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද සමාන වැ විස්තර කළයුතු යි.)
අතීතවාර යි.
130. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපන්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්යුතවන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
131. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය. ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
132. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
133-135. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
136. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්රථමධ්යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්රථමධ්යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය. කායසංස්කාරය ද උපදින්නේ යි.
137. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්ත්ථධ්යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්රථමධ්යානයට ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
138. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට චතුර්ත්ථධ්යානයට සමවන් ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්රථමධ්යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)