19-36. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව යම්සේ යස්සකය ද යස්සයත්ථකය ද අනුලෝමය ද ප්රත්යනීකය ද බෙදන ලද නම් එසේ නිරෝධවාරයෙහි ද බෙදියයුතු. වෙනසෙක් නැති.)
අතීතවාර යි.
37. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්යුත වන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
38. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
39. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගල යි)
40-42. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ... (අනුලෝමාවකාශ යි)
43. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්යානයට හා තෘතීයධ්යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්රථමධ්යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයනට ද හා අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්රථමධ්යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.