91. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි.
92. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය උපන්නේ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ යැ, චිත්තසංස්කාරය ද උපන්නේ යි.
තවද යමකුට ... එසේ යි.
93. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට වාක්සංස්කාරය උපන්නේ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපන්නේ යැ, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
94-96. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් (අනුලෝමාවකාශ යි)
97. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපන්නේ යි.
98. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කායසංස්කාරය උපන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ යැ. චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපන්නේ යි.
99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ ය. සවිතර්‍කසවිචාරභූමියෙහි සෙසු ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: අවිතර්‍කඅවිචාරභූමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. සවිතර්‍කසවිචාරභූමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
100. යමකුට කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
101. යමකුට කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.