73. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
74. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදී.
75. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: විතර්‍කවිචාර සහිත පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදී, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
76-78. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
79. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
80. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
81. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: විතර්‍කවිචාර සහිත වූ පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙස්සනට විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදී, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
82. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.