55. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපදී.
56. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
57. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
58-60. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
61. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.