37. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි
තවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
38. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
39. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍ක විචාර රහිත පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
40-42. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
43. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නා වූ ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
44. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍කවිචාරරහිත වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)