19. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාර උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.
20. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි,
21. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
22-24. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
(යත්ථකය ද හැමතන්හි එකසමාන යි.)
25. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්යානයට ද තෘතීයධ්යානයට ද සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපන්නේය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්රථමධ්යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්රථමධ්යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.
26. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්ත්ථධ්යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්රථමධ්යානයට ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.
27. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට චතුර්ත්ථධ්යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්රථමධ්යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
28. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපන්නේ ද යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට කායසංස්කාරය නූපන්නේ ද යත්: නැති.