1. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
තවද යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
2. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, කායසංස්කාරය ද උපදී.
3. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
4. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී, එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
තවද යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි වාක්සංස්කාරය උපදී. එහි කායසංස්කාරය නො ද උපදී. එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
5. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි කාමාවචරභූමියෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
6. යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
තවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි කාමාවචරයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී (අනුලෝමාවකාශ යි).
7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
10. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
තවද යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට කායසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාර චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.