5. උත්පාද නිරෝධවාරය
1. යමකුට දුඃඛසත්යය උපදී නම් ඔහුට සමුදයසත්යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්යය උපදී ද යත්: නැති,
යමකුට දුඃඛසත්යය උපදී නම් ඔහුට මාර්ගසත්යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්ගසත්යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්යය උපදී ද යත්: නැති.
2. යමකුට සමුදයසත්යය උපදී නම් ඔහුට මාර්ගසත්ය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්ගසත්යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්යය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
3. යම් තැනෙක දුඃඛසත්යය උපදී නම් එහි සමුදයසත්යය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්ව වූ එහි දුඃඛසත්යය උපදී, එහි සමුදයසත්යය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
(යත්ථකය උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාද නිරෝධවාරයෙහි ද සමාන යැ. වෙනසෙක් නැති.)
4. යමකුට යම් තැනෙක දුඃඛසත්යය උපදී නම් ඔහුට එහි සමුදයසත්යය නිරුද්ධ වේ ද යත්: නැති, (අනුලෝම පුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්ථකය ද සමාන යැ.)
5. යමකුට දුඃඛසත්යය නූපදී නම් ඔහුට සමුදයසත්යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්යය නූපදී, ඔවුනට සමුදයසත්යය නො ද නිරුද්ධ නො වෙයි. ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි තෘෂ්ණාවිප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්යය ද නූපදී, සමුදයසත්යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට සමුදයසත්යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්යය නො ද නූපදී. ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි තෘෂ්ණාවිප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්යය ද නූපදී.
යමකුට දුඃඛසත්යය නූපදී නම් ඔහුට මාර්ගසත්යය නිරුද්ධ නො වේ ද යත්: මාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්යය නූපදී, ඔවුනට මාර්ගසත්යය නො ද නිරුද්ධ නො වෙයි. ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි මාර්ගවිප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ භා ඵලයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්යය ද නූපදී, මාර්ගසත්යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්ගසත්යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට මාර්ගසත්යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්යය නො ද නූපදී. ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි මාර්ගවිප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේ හා ඵලයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට මාර්ගසත්යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්යය ද නූපදී.
6. යමකුට සමුදයසත්යය නූපදී නම් ඔහුට මාර්ගසත්යය නිරුද්ධ නො වේ ද යත්: මාර්ගයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට සමුදයසත්ය නූපදී, ඔවුනට මාර්ගසත්යය නො ද නිරුද්ධ නො වෙයි. තෘෂ්ණාවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද මාර්ගවිප්රයුත්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට සමුදයසත්යය ද නූපදී, මාර්ගසත්යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්ගසත්යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට මාර්ගසත්යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්යය නො ද නූපදී. මාර්ගවිප්රයුක්තචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට මාර්ගසත්යය ද නිරුද්ධ නො වෙයි. සමුදයසත්යය ද නූපදී. (ප්රත්යනීකපුද්ගල යි)
7. යම් තැනෙක දුඃඛසත්යය නූපදී නම් ... (ප්රත්යනීකාවකාශ යි)
8. යමකුට යම් තැනෙක දුඃඛසත්යය නූපදී නම් ... (ප්රත්යනීකපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්ථකය ද සමාන ය. යස්සයත්වකයෙහි “නිරෝධසමාපන්න” යි නො යෙදියයුතු ය.)
ප්රත්යුත්පන්නවාර යි.
9. යමකුට දුඃඛසත්යය උපන්නේ නම් ඔහුට සමුදයසත්යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
(යම්සේ උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව බෙදන ලද්දී ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි දු අනුලෝම ද ප්රත්යනීකය ද බෙදිය යුතු යි.)
අතීතවාර යි.