6. පරිඥාවාරය
30. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදය සත්‍යය දුරු කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
31. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
අතීතවාර යි.
32. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
අනාගතවාර යි.
33. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: අර්‍හත් තෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී, සමුදයසත්‍යය නො ද දුරු නො කෙළේ යි. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී (පුද්ගල) තෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
34. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍ය දුරු නොකරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය. දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.