4. නිරෝධවාරය
1. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වේ, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වේ. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වේ, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වේ. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
2. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
3. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් එහි සමුදය සත්‍යය නිරුද්ධ වේ ද යත්: එහි අසංඥසත්‍වයෙහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි ... (අනුලෝමාවකාශ යි)
(යත්‍ථකය උත්පාදයෙහි ද නිරෝධයෙහි ද උත්පාදනිරෝධයෙහි ද සමාන ය. වෙනසෙක් නැති.)
4. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සයත්‍ථකය ද සමාන වැ විස්තර කළයුතු.)
5. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාද ක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනව සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
6. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදය සත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
7. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් … (ප්‍රත්‍යනීකාවකාශ යි)