3. උත්පාදවාරය
1. යමකුට දුඃඛසත්යය උපදී නම් ඔහුට සමුදයසත්යය උපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි තෘෂ්ණාවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්යය උපදී, ඔවුනට සමුදයසත්යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්යය ද උපදී, සමුදයසත්යය ද උපදී. තවද යමකුට සමුදයසත්යය උපදී නම් ඔහුට දුඃඛසත්යය උපදී ද යත්: එසේ යි.
යමකුට දුඃඛසත්යය උපදී නම් ඔහුට මාර්ගසත්යය උපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි මාර්ගවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්යය උපදී. ඔවුනට මාර්ගසත්යය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි මාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්යය ද උපදී, මාර්ගසත්යය ද උපදී. තවද යමකුට මාර්ගසත්යය උපදී නම් ඔහුට දුඃඛසත්යය උපදී ද යත්: අරූපයෙහි මාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට මාර්ගසත්යය උපදී. ඔවුනට දුඃඛසත්යය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි මාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට මාර්ගසත්යය ද උපදී, දුඃඛසත්යය ද උපදී.
2. යමකුට සමුදයසත්යය උපදී නම් ඔහුට මාර්ගසත්යය උපදී ද යත්: නැති. තවද යමකුට මාර්ගසත්යය උපදී නම් ඔහුට සමුදයසත්යය උපදී ද යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)
3. යම් තැනෙක දුඃඛසත්යය උපදී නම් එහි සමුදයසත්යය උපදී ද යත්: අසංඥසත්ත්ව වූ එහි දුඃඛසත්යය උපදී. එහි සමුදයසත්යය නො ද උපදී. එහි චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි දුඃඛසත්යය ද උපදී. සමුදයසත්යය ද උපදී. තවද යම් තැනෙක සමුදයසත්යය ... එසේ යි.
යම් තැනෙක දුඃඛසත්යය උපදී නම් එහි මාර්ගසත්යය උපදී ද යත්: එහි අපායයෙහි හා අසංඥසත්වයෙහි දුඃඛසත්යය උපදී, එහි මාර්ගසත්යය නො ද උපදී. එහි අවශේෂ වූ චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි දුඃඛසත්යය ද උපදී, මාර්ගසත්යය ද උපදී. තවද යම් තැනෙක මාර්ගසත්යය උපදී නම් එහි දුඃඛසත්යය උපදී ද යත්: එසේ යි.
4. යම් තැනෙක සමුදයසත්යය උපදී නම් එහි මාර්ගසත්යය උපදී ද යත්: එහි අපායයෙහි සමුදයසත්යය උපදී. එහි මාර්ගසත්යය නො ද උපදී. එහි අවශේෂ වූ චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි සමුදයසත්යය ද උපදී, මාර්ගසත්යය ද උපදී. තවද යම් තැනෙක මාර්ගසත්යය ... එසේ යි. (අනුලෝමාවකාශ යි.)
5. යමකුට යම් තැනෙක දුඃඛසත්යය උපදී නම් ඔහුට එහි සමුදයසත්යය උපදී ද යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි.)
(යස්සකය ද යස්සයත්ථකය ද සමාන ව විස්තර කළයුතු.)
6. යමකුට දුඃඛසත්යය නූපදී නම් ඔහුට සමුදයසත්යය නූපදී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්යය නූපදී නම් ඔහුට දුඃඛසත්යය නූපදී ද යත්: උපන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි තෘෂ්ණාවිප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට ද සමුදයසත්යය නූපදී, ඔවුනට දුඃඛසත්යය නො ද නූපදී. ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්ගයාගේත් ඵලයාගේත් උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්යය ද නූපදී, දුඃඛසත්යය ද නූපදී.
යමකුට දුඃඛසත්යය නූපදී නම් ඔහුට මාර්ගසත්යය නූපදී ද යත්: අරූපයෙහි මාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට දුඃඛසත්යය නූපදී, ඔවුනට මාර්ගසත්යය නො ද නූපදී. ච්යුත වන්නා වූ සියල්ලනට ප්රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්යය ද නූපදී. මාර්ගසත්යය ද නූපදී. තවද යමකුට මාර්ගසත්යය නූපදී නම් ඔහුට දුඃඛසත්යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි මාර්ගවිප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට මාර්ගසත්යය නූපදී, ඔවුනට දුඃඛසත්යය නො ද නූපදී. ච්යුත වන්නා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්ෂණයෙහි දැ යි ඔවුනට මාර්ගසත්යය ද නූපදී, දුඃඛසත්යය ද නූපදී.
7. යමකුට සමුදයසත්යය නූපදී නම් ඔහුට මාර්ගසත්යය නූපදී ද යත්: මාර්ගයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට සමුදයසත්යය නූපදී. ඔවුනට මාර්ගසත්යය නො ද නූපදී. සියල්ලන්ට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්රයුක්ත මාර්ගවිප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට සමුදයසත්යය ද නූපදී, මාර්ගසත්යය ද නූපදී. තවද යමකුට මාර්ගසත්යය නූපදී නම් ඔහුට සමුදයසත්යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට මාර්ගසත්යය නූපදී, ඔවුනට සමුදයසත්යය නො ද නූපදී. සියල්ලන්ට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද මාර්ගවිප්රයුක්ත තෘෂ්ණාවිප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්වයනට ද යි ඔවුනට මාර්ගසත්යය ද නූපදී, සමුදයසත්යය ද නූපදී. (ප්රත්යනීක පුද්ගල යි.)
8. යම් තැනෙක දුඃඛසත්යය නූපදී නම් එහි සමුදයසත්යය නූපදී ද යත්: නැති. තවද යම් තැනෙක සමුදයසත්යය නූපදී නම් එහි දුඃඛසත්යය නූපදී ද යත්: උපදී.
යම් තැනෙක දුඃඛසත්යය නූපදී නම් එහි සමුදයසත්යය නූපදී ද යත්: නැති. තවද යම් තැනෙක මාර්ගසත්යය නූපදී නම් එහි දුඃඛසත්යය නූපදී ද යත්: උපදී.