3. උත්පාදවාරය
9. යමකුට චක්ෂුර්ධාතුව උපදි නම් ඔහුට ශ්රෝත්රධාතුව උපදී ද යත් : ඇස් ඇති ව කන් නැති ව උපදනා වූ ඔවුනට චක්ෂුර්ධාතුව උපදී, ඔවුනට ශ්රෝත්රධාතුව නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා වූ ඔවුනට චක්ෂුර්ධාතුව ද උපදී, ශ්රෝත්රධාතුව ද උපදී. තවද යමකුට ශ්රෝත්රධාතුව උපදී නම් ඔහුට චක්ෂුර්ධාතුව උපදී ද යත් : කන් ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ශ්රෝත්රධාතුව උපදී, ඔවුනට චක්ෂුර්ධාතුව නො ද උපදී. කන් ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ශ්රෝත්රධාතුව ද උපදී, චක්ෂුර්ධාතුව ද උපදි.
යමකුට චක්ෂුර්ධාතුව උපදි නම් ඔහුට ඝ්රාණධාතුව උපදී ද යත් : ඈස් ඇති ව නැහැ නැති ව උපදනා වූ ඔවුනට චක්ෂුර්ධාතුව උපදී, ඔවුනට ඝ්රාණධාතුව නො ද උපදී. ඇස් ඇති ව නැහැ ඇති ව උපදනා වූ ඔවුනට චක්ෂුර්ධාතුව ද උපදී, ඝ්රාණධාතුව ද උපදී. තවද යමකුට ඝ්රාණධාතුව උපදී නම් ඔහුට චක්ෂුර්ධාතුව උපදී ද යත් : නැහැ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ඝ්රාණධාතුව උපදී. ඔවුනට චක්ෂුර්ධාතුව නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝ්රාණධාතුව ද උපදි, චක්ෂුර්ධාතුව ද උපදී.
යමකුට චක්ෂුර්ධාතුව උපදී නම් ඔහුට රූපධාතුව උපදී ද යත්: එසේ යි. තවද යමකුට රූපධාතුව උපදී නම් ඔහුට චක්ෂුර්ධාතුව උපදී ද යත් : රූ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට රූපධාතුව උපදී, ඔවුනට චක්ෂුර්ධාතුව නො ද උපදී. රූ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපධාතුව ද උපදි, චක්ෂුර්ධාතුව ද උපදී.
යමකුට චක්ෂුර්ධාතුව උපදී නම් ඔහුට මනෝවිඥානධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට මනෝවිඥානධාතුව උපදී නම් ඔහුට චක්ෂුර්ධාතුව උපදී ද යත් : සිත් ඇති වැ ඇස් නැති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව උපදී, ඔවුනට චක්ෂුර්ධාතුව නො ද උපදී. සිත් ඇති වැ ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව ද උපදී, චක්ෂුර්ධාතුව ද උපදී.
යමකුට චක්ෂුර්ධාතුව උපදී නම් ඔහුට ධර්මධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට ධර්මධාතුව උපදී නම් ඔහුට චක්ෂුර්ධාතුව උපදී ද යත් : ඇස් නැති වැ උපදනා වූ ඔවුනට ධර්මධාතුව උපදී, ඔවුනට චක්ෂුර්ධාතුව නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට ධර්මධාතුව ද උපදී, චක්ෂුර්ධාතුව ද උපදී. (අනුලෝම පුද්ගල යි)
(යම්සේ ආයතනයමකය බෙදනලද ද එසේ ම ධාතුයමකය ද බෙදියයුතු යි, සමාන කළයුතු යි.)
ප්රත්යුත්පන්නවාර යි.
උත්පාදවාර නිමි.
4. පරිඥාවාරය
10. යමෙක් චක්ෂුර්ධාතුව පිරිසිඳ දනී නම් හෙතෙම ශ්රෝත්රධාතුව පිරිසිඳ දනී ද යත් : එසේ යි ...
පරිඥාවාර නිමි.
(පෙය්යාලමුඛයෙන් ධාතුයමකය පරිපූර්ණ යැ.)
ධාතුයමක නිමි.