චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද යත් : එසේ යි. චක්‍ෂුර් විඥානධාතු චක්‍ෂුර්විඥාන ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ....
මනස මනෝධාතු ද යත් : මනෝධාතුව තබා අවශේෂ වූ මනස මනස යැ, මනෝධාතු නො වෙයි. මනෝධාතුව මනස ද වූයේ ම මනෝධාතු ද වේ. මනෝධාතුව මනස ද යත් : එසේ යි.
මනෝවිඥානය මනෝවිඥානධාතු ද යත් : එසේ යි. මනෝවිඥානධාතුව මනෝවිඥාන ද යත් : එසේ යි.
ධර්‍මය ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව තබා අවශේෂ වූ ධර්‍මය ධර්‍ම යැ, ධර්‍මධාතු නො වෙයි. ධර්‍මධාතුව ධර්‍ම ද වූයේ ම ධර්‍මධාතු ද වේ. ධර්‍මධාතුව ධර්‍ම ද යත් : එසේ යි. (අනුලෝම යි)
2. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුර්ධාතු නො වෙයි, චක්‍ෂුස යි. චක්‍ෂුස ද චක්‍ෂුර්ධාතුව ද තබා අවශේෂය චක්‍ෂුස ද නො වූයේ ම චක්‍ෂුර්ධාතු ද නො වේ.
ශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු නො වේ, ශ්‍රෝත්‍ර යි. ශ්‍රෝත්‍රය ද ශ්‍රෝත්‍රධාතුව ද තබා අවශේෂය ශ්‍රෝත්‍ර ද නො වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද නො වේ.
ඝ්‍රාණ නො වූයේ ඝ්‍රාණධාතු නො වේ ද යත්: එසේ යි. ඝ්‍රාණධාතු නො වූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි. ජිහ්වා නො වූයේ ...
(සංක්‍ෂිප්ත කරන ලදි. දෙතැන්හි ම ‘ආමන්තා’ යි යෙදිය යුතුයි.)
කාය නො වූයේ කායධාතු නො වේ ද යත් : එසේ යි. කායධාතු නො වූයේ කාය නො වේ ද යත් : කායධාතුව තබා අවශේෂ කායය කායධාතු නො වෙයි, කාය යි. කාය ද කායධාතුව ද තබා අවශේෂය කාය ද නො වූයේ ම කායධාතු ද නො වේ.
රූප නො වූයේ රූපධාතු නො වේ ද යත් : එසේ යි. රූපධාතු නො වූයේ රූප නො වේ ද යත් : රූපධාතුව තබා අවශේෂ රූපය රූපධාතු නො වෙයි, රූප යි. රූපය ද රූපධාතුව ද තබා අවශේෂය රූප ද නො වූයේ ම රූපධාතු ද නො වේ.
ශබ්ද නො වූයේ ... ගන්‍ධ නො වූයේ ගන්‍ධධාතු නො වේ ද යත් : එසේ යි. ගන්‍ධධාතු නො වූයේ ගන්‍ධ නො වේ ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධධාතු නො වෙයි, ගන්‍ධ යි. ගන්‍ධය ද ගන්‍ධධාතුව ද තබා අවශේෂය ගන්‍ධ ද නො වූයේ ම ගන්‍ධධාතු ද නො වේ.
රස නො වූයේ රසධාතු නො වේ ද යත් : එසේ යි. රසධාතු නො වූයේ රස නො වේ ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රසධාතු නො වෙයි, රස යි. රසය ද රසධාතුව ද තබා අවශේෂය රස ද නො වූයේ ම රසධාතු ද නො වේ.