5. උත්පාද නිරෝධවාරය
396. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
397. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැති.
398. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
399. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (යත්ථකයෙහි ‘නො’ යනු නො යෙදිය යුතු යි, යත්ථකය අවශේෂ යත්ථකයන් හා සමාන කොට යෙදිය යුතු යි, වාරත්රයෙහි ම යත්ථකය සමාන යි.) (අනුලෝමාවකාශ යි)
400. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: නැති.
401. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: නැති.
තවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි මනායතනය උපදි ද යත්: නැති. (අනුලෝම පුද්ගලාවකාශ යි)
402. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: කන් ඇති ව ච්යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදිනවුනට ද කන් නැති ව ච්යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. කන් නැති ව ච්යුත වන්නවුනට ද ඇස් නැති ව උපදන වුනට දැ යි ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
403. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ ඇති ව ච්යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද නැහැ නැති ව ච්යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. නැහැ නැති ව ච්යුතවන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
404. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ ඇති ව ච්යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති ව උපදනවුනට ද රූ නැති ව ච්යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. රූ නැති ව ච්යුත වන්නවුනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නූපදී.
405. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් ඇති වැ ච්යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. ඇස් නැති වැ උපදනවුනට ද සිත් නැති වැ ච්යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වේ.