5. උත්පාද නිරෝධවාර
1. යමකුට රූපස්කන්ධය උපදී නම් ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට වේදනාස්කන්ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්ධය උපදී ද යත්: නො වේ.
2. යමකුට වේදනාස්කන්ධය උපදි නම් ඕහට සංඥාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට සංඥාස්කන්ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්ධය උපදී ද යත්: නො වේ. (අනුලෝම පුද්ගල යි.)
3. යම් තැනෙක රූපස්කන්ධය උපදී නම් එහි වේදනාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්ව වූ එහි රූපස්කන්ධය උපදී. එහි වේදනාස්කන්ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්ධය ද උපදී, වේදනාස්කන්ධය ද නිරුද්ධ වේ.
තවද යම් තැනෙක වේදනාස්කන්ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්ධය උපදී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්ධය නොද උපදී. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්ධය ද නිරුද්ධ වෙයි, රූපස්කන්ධය ද උපදී.
4. යම් තැනෙක වේදනාස්කන්ධය උපදී නම් එහි සංඥාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සංඥාස්කන්ධය නිරුද්ධ වේ නම් එහි වේදනාස්කන්ධය උපදී ද යත්: එසේ යි. (අනුලෝමාවකාශ යි.)
5. යමකුට යම් තැනෙක රූපස්කන්ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට යම් තැනෙක වේදනාස්කන්ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්ධය උපදී ද යත්: නො වේ.
6. යමකුට යම් තැනෙක වේදනාස්කන්ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: නො වේ.
තවද යමකුට යම් තැනෙක සංඥාස්කන්ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්ධය උපදී ද යත්: නො වේ. (අනුලෝමවකාශයි.)
7. යමකුට රූපස්කන්ධය නූපදී නම් ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්යුත වන්නා වූ ඔවුනට රූපස්කන්ධය නූපදී. ඔවුනට වේදනාස්කන්ධය නොද නිරුද්ධ නො වෙයි. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්වයෙන් ච්යුත වන්නවුනට දැ යි ඔවුනට රූපස්කන්ධය ද නූපදී, වේදනාස්කන්ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට වේදනාස්කන්ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්ධය නූපදී ද යත්: පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්ධය නොද නූපදී. අරූපයෙහි උපදනවුනට ද අසංඥසත්වයෙන් ච්යුත වන්නවුනට දැයි ඔවුනට වේදනාස්කන්ධය ද නිරුද්ධ නො වේ. රූපස්කන්ධය ද නූපදී.
8. යමකුට වේදනාස්කන්ධය නූපදී නම් ඕහට සංඥාස්කන්ධය නිරුද්ධ නො වේ ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්යුත වන්නා වූ ඔවුනට වේදනාස්කන්ධය නූපදී. ඔවුනට සංඥාස්කන්ධය නොද නිරුද්ධ නො වේ. අසංඥසත්ව වූ ඔවුනට වේදනාස්කන්ධය නූපදී. සංඥාස්කන්ධය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට සංඥාස්කන්ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්ධය නූපදී ද යත්: චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා ඔවුනට සංඥාස්කන්ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්ධය නො ද උපදී. අසංඥස්ත්ව වූ ඔවුනට සංඥාස්කන්ධය ද නිරුද්ධ නො වේ. වේදනාස්කන්ධය ද නූපදී. (ප්රත්යනීක පුද්ගල යි.)
9. යම් තැනෙක රූපස්කන්ධය නූපදී නම් එහි වේදනාස්කන්ධය නිරුද්ධ වේ ද යත්: නිරුද්ධ වේ.
තවද යම් තැනෙක වේදනාස්කන්ධය නිරුද්ධ නො වේ නම්. එහි රූපස්කන්ධය නූපදී ද යත්: උපදී.
10. යම් තැනෙක වේදනාස්කන්ධය නූපදී නම් එහි සංඥාස්කන්ධය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
තවද යම් තැනෙක සංඥාස්කන්ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්ධය නූපදී ද යත්: එසේ යි. (ප්රත්යනීකයවකාශ යි.)