3. ප්‍රවෘත්ති උත්පාදවාර
1. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපදි යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා (අසංඥසත්ත්‍වයට උපප්‍රාප්ති වශයෙන් පැමිණෙන) ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදී. පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
යළි යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදී. පඤ්චෝකාරභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.
2. යම් තැනෙක රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
යළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ උපදී නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදියි. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.
3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)
4. යමක්හට රූපස්කන්‍ධ නූපදීනම් ඕහට වේදනාස්කන්‍ධ නූපදීයැ යන: අරූපභවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ නූපදියි. රූපස්කන්‍ධ ද නූපදී.
5. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: උපදියි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
6. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි, රූපස්කන්‍ධ ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ප්‍රත්‍යුත්පන්නවාර යි.
7. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
යළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.
8. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එතන්හි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන, එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.
යළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එතන්හි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන, එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.
9. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.
යළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන, ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.