271. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සෝතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන. ඔවුනට සෝතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද තවද යම් කෙනෙක් අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද තවද යම් කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධි භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ඉත්‍ථින්‍ද්‍රිය නො ද උපදනෙ යැ, සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ඉත්‍ථින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්‍ථින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට පුරිසින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද යම් ස්ත්‍රී කෙනෙකුත් තෙල ස්ත්‍රීභාවයෙන් මැ කිහිප ප්‍රතිසන්‍ධි භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට පුරිසින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, පුරිසින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට ජීවිතින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. අවශේෂයනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, ජීවිතින්‍ද්‍රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපනි නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය උපදනෙ යැ යත්: පශ්චිමභවිකයනට ද යම් කෙනෙකුත් උපේක්‍ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්‍ද්‍රිය උපන, ඔවුනට සෝමනස්සින්‍ද්‍රිය නො ද උපදනෙ යැ. සෙසුවනට චක්ඛුන්‍ද්‍රිය ද උපන, සෝමනස්සින්‍ද්‍රිය ද උපදනෙ යැ.