217. යමක්හට චක්ඛුන්ද්රිය උපදි නම් ඔහට සෝතින්ද්රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් අරූපයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය උපදියි, ඔවුනට සෝතින්ද්රිය නො ද උපදනෙ යැ, සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය ද උපදියි, සෝතින්ද්රිය ද උපදනෙ යැ.
යළි යමක්හට සෝතින්ද්රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්ද්රිය උපදී යැ යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝතින්ද්රිය උපදනෙ යැ, ඔවුනට චක්ඛුන්ද්රිය නො ද උපදි. ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්ද්රිය ද උපදනෙ යැ, චක්ඛුන්ද්රිය ද උපදී.
යමක්හට චක්ඛුන්ද්රිය උපදී නම් ඔහට ඝානින්ද්රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය උපදියි, ඔවුනට ඝානින්ද්රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය ද උපදියි, ඝානින්ද්රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඝානින්ද්රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්ද්රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනා වුනට දැ යි ඔවුනට ඝානින්ද්රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්ද්රිය නො ද උපදී. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්ද්රිය ද උපදනෙ යැ, චක්ඛුන්ද්රිය ද උපදී.
යමක්හට චක්ඛුන්ද්රිය උපදී නම් ඔහට ඉත්ථින්ද්රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු ද, යම් පුරුෂ කෙනෙකුත් තෙල පුරුෂ භාවයෙන් මැ කිහිප භවයක් දක්වා පිරිනිවෙන්නාහු නම් ඔවුනට දැ යි උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය උපදියි, ඔවුනට ඉත්ථින්ද්රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය ද උපදියි, ඉත්ථින්ද්රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ඉත්ථින්ද්රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්ද්රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඉත්ථින්ද්රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්ද්රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට ඉත්ථින්ද්රිය ද උපදනෙ යැ. චක්ඛුන්ද්රිය ද උපදී.
යමක්හට චක්ඛුන්ද්රිය උපදී නම් ඔහට පුරිසින්ද්රිය උපදනෙ යැ යත්:...
යමක්හට චක්ඛුන්ද්රිය උපදී නම් ඔහට ජීවිතින්ද්රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය උපදියි, ඔවුනට ජීවිතින්ද්රිය නො ද උපදනෙ යැ. අවශේෂ වූ ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය ද උපදියි, ජීවිතින්ද්රිය ද උපදනෙ යැ.
යළි යමක්හට ජීවිතින්ද්රිය උපදනෙ නම් ඔහට චක්ඛුන්ද්රිය උපදී යැ යත්: චුත වන හැම දෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්ද්රිය උපදනෙ යැ. ඔවුනට චක්ඛුන්ද්රිය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්ද්රිය ද උපදනෙ යැ, චක්ඛුන්ද්රිය ද උපදී.
යමක්හට චක්ඛුන්ද්රිය උපදී නම් ඔහට සෝමනස්සින්ද්රිය උපදනෙ යැ යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට ද යම් කෙනෙකුත් ඇස් ඇති වැ උපේක්ෂායෙන් ඉපැදැ පිරිනිවෙන්නාහු නම් උපදනා ඔවුනට දැ යි ඔවුනට චක්ඛුන්ද්රිය උපදියි, ඔවුනට සෝමනස්සින්ද්රිය නො ද උපදනෙ යැ. සෙසු ඇස් ඇති වැ උපදනා ඔවුනට චක්ඛුන්ද්රිය ද උපදියි, සෝමනස්සින්ද්රිය ද උපදනෙ යැ.