163. යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට සෝතින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට සෝතින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට සෝතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඝානින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ඝානින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ඝානින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට ඝානින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන. ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන. චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි. ඇස් ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්ඛුන්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැයි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි, ඇස් ඇති වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදියි.
යමක්හට චක්බූන්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට චක්ඛුන්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඇස් නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට චක්ඛුන්‍ද්‍රිය නො ද උපදියි ඇස් ඇති වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, චක්ඛුන්‍ද්‍රිය ද උපදී.
164. යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට පුරිසින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද ඝ්‍රාණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට පුරිසින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට පුරිසින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට ජීවිතින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට ජීවිතින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැම දෙනාට ද ස්‍රණ නැති වැ උපදනාවුනට දැ යි ඔවුනට ජීවිතින්‍ද්‍රිය උපන, ඔවුනට ඝ්‍රානින්‍ද්‍රිය නො ද උපදියි. ඝ්‍රාණ ඇති වැ උපදනා ඔවුනට ජීවිතින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සෝමනස්සින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට උපෙක්ඛින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. සඝානක වැ උපදනා ඔවුනට උපෙක්ඛින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදියි.
යමක්හට ඝානින්‍ද්‍රිය උපදී නම් ඔහට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය උපන යත්: එසේ යැ.
යළි යමක්හට මනින්‍ද්‍රිය උපනි නම් ඔහට ඝානින්‍ද්‍රිය උපදියි යත්: චුත වන හැමදෙනාට ද අඝානක වැ උපදනාවුනට දැ යි ඔවුනට මනින්‍ද්‍රිය උපන, ඔවුනට ඝානින්‍ද්‍රිය නො ද උපදියි. සඝානක වැ උපදනා ඔවුනට මනින්‍ද්‍රිය ද උපන, ඝානින්‍ද්‍රිය ද උපදී.