එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ වූ ධර්‍මයෝ දුක්ඛනිරෝධගාමිනීපටිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
291. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද අවශේෂ වූ සාස්‍රව කුශල ධර්‍මයෝ ද යන් මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද අවශේෂ ක්ලේශයන්ගේ ද අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද අවශේෂ වූ සාස්‍රව වූ කුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ ය කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගිකමාර්‍ග වෙයි: සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
292. සතර සත්‍යයෝ ය: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛනිරෝධගාමිනීපටිපදා යි.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ ක්ලේශයෝ ද අවශේෂ අකුශලධර්‍මයෝ ද සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද සාස්‍රව වූ අවශේෂ කුශලධර්‍මයෝ ද කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. … අවික්‍ෂේපය වේ. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ.