7. සප්තක මාතෘකා
1. උදකෝපම පුද්ගලයෝ සත්දෙනෙකි: වරක් ගිලුණේ ගිලුණේ මැ, වෙයි. ඉල්පැ ගිලෙයි, ඉල්පැ සිටියේ වෙයි, ඉල්පැ අවට විමසයි බලයි, ඉල්ප පිහිනයි, ඉල්පැ නො ගැඹුරට පැමිණියේ වෙයි, ඉල්ප තරණය කෙළේ වෙයි ඒ බ්‍රාහ්මණ පරතෙර ගියේ ගොඩ සිටී.
2. උභතෝභාගවිමුක්ත යැ, ප්‍රඥාවිමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටිප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.
සප්තක මාතෘකා නිමි.
8. අෂ්ටක මාතෘකා
1. මාර්‍ගසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙනා යි.
අෂ්ටක මාතෘකා නිමි.
9. නවක මාතෘකා
1. සම්‍යක් සම්බුද්ධ යැ, ප්‍රත්‍යෙක බුද්ධ යැ, උභතෝභාග විමුක්ත යැ, ප්‍රඥා විමුක්ත යැ, කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ, ධර්‍මානුසාරී යැ, ශ්‍රද්ධානුසාරී යි.
නවක මාතෘකා නිමි.
10. දශක මාතෘකා
1. පස්දෙනකුන්ගේ ‘ඉහනිෂ්ඨා යැ, පස් දෙනකුන් ගේ ඉහවිහායනිෂ්ඨා’ යි.
දශක මාතෘකා නිමි.
පුද්ගලප්‍රඥප්ති මාතෘකා නිමි.