6. 8.
පඨවීධාතු සනිදස්සනාදි කථා
[පාෂාණ, උදක, වෘක්‍ෂලතා, පඤ්චේන්‍ද්‍රියප්‍රතිෂ්ඨාවකාශ, වර්‍ණායතන, කායවිඥප්තිකාලයෙහි හස්තිපාදාදිරූප දැක පෘථිවීධාතු ආදිය සනිදර්‍ශන වෙති’ යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පඨවීධාතුසනිදස්සනාදි කථා එයි.]
1. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (පෘථිවීධාතු) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: පෘථිවීධාතු සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: “චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. අනු: “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි” යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, ‘චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යන සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: භවත, ‘චක්‍ෂුසත් පෘථිවීධාතුත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘පෘථිවීධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, භූමි, පාෂාණ, පර්‍වත දක්නේ නම්,
අනු. පා: එකරුණින් භවත ‘පෘථිවිධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
4. ප. පු: ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි නොකියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: උදකය දක්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උදකය දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ආපෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
5. ප. පු: ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දිලෙන ගිනි දක්නේ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දිලෙන ගිනි දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘තෙජොධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
6. ප. පු: ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් වාතයෙන් සැලෙන රුක් දක්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘වායෝධාතු සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.
7. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (චක්‍ෂුරින්‍ද්‍රිය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, ඇසෙහි ගැටේ ද, ඇස්හමුවට එන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ස. පු: චක්‍ෂුරින්‍ද්‍රිය සනිදර්‍ශන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුසත් චක්‍ෂුරින්‍ද්‍රියත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …