6. 6.
ආකාසකථා
[පරිච්ඡේදාකාස යැ කසිණුගඝාටිමාකාස යැ අජටාකාස යැ යි ආකාශය ත්‍රිවිධ වෙයි. ඔවුනතර පරිච්ඡේදාකාසය සංස්කෘත වෙයි. ඉතිරි දෙක ප්‍රඥප්තිමාත්‍ර වෙයි. එ දෙක සංස්කෘත නො වනුයෙන් අසංස්කෘත යයි උත්තරාපථකයන් මහිංසාසකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාස කථා එයි.]
1. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත අමෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ආකාශය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ආකාශය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාකාශය ආකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කෘතය අසංස්කෘතය කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ආකාශය අනාකාශ කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය සංස්කෘත කරන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: ආකාශයෙහි පක්‍ෂීහු යෙති, සඳහිරු දෙදෙන යෙති, තාරකරූපයෝ යෙති, ඍද්ධිවිකුවර්‍වණ කෙරෙති, බාහුව සලති, අත් සලති, කැට දමති, මුගුරු දමති, ඍද්ධි විහිදුවති, හී විදිත් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෙහි පක්‍ෂීහු යෙත් ද, සඳහිරු දෙදෙන යෙත් ද, තාරකරූපයෝ යෙත් ද, ඍද්ධි විකුර්‍වණ කෙරෙත් ද, බාහුව සලත් ද, අත සලත් ද, කැට දමත් ද, මුගුරු දමත් ද, ඉදුහ විහිදුවත් ද, හී විදිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: ආකාශය පිරිවරා ගෘහයන් කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය පිරිවරා ගෙ කෙරෙත් ද, කොටුගුල් කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ළින් කනනුලබන කල්හි අනාකාශය ආකාශ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සංස්කෘතය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සිස්ළිඳ පුරනුලබන කල්හි සිස් කොටුගුල් පුරනුලබන කල්හි සිසකුඹු පුරනුලබන කල්හි ආකාශය අතුරුදන් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතය අතුරුදන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ප. පු: ‘ආකාශය අසංස්කෘත වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආකාශය සංස්කෘත වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: එකරුණින් ආකාශය අසංස්කෘත වේ.
ආකාසකථා නිමි.