5. 10.
ඵලඤාණකථා
[බුදුවරුත් සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යඵලප්‍රාප්තිය පිණිස දහම් දෙසති. ශ්‍රාවකයෝත් සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යඵලප්‍රාප්තිය පිණිස දහම් දෙසති. මේ සාමාන්‍යයෙන් බුදුවරයන්ට සෙයින් මැ ‘ශ්‍රාවකයනට ද ඒ ඒ සත්ත්‍වයන් විසින් පැමිණිය යුතු ඵලයෙහි ඥානය ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට ඵලඤාණකථා එයි.]
1. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයා ඵලකෘත්‍ය පනවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකහට ඵලපරාවරතා ඉන්‍ද්‍රියපරාවරතා පුද්ගලපරාවරතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකහට ස්කන්‍ධප්‍රඥප්ති ආයතනප්‍රඥප්ති ධාතුප්‍රඥප්ති, සත්‍යප්‍රඥප්ති, ඉන්‍ද්‍රියප්‍රඥප්ති, පුද්ගලප්‍රඥප්ති ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයා ජින වේ ද, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ සර්‍වදර්ශී, ධර්‍මස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයා නූපන් දහම් උපදවනුයේ වේ ද, නූපන් මාර්‍ගය උපදවනුයේ වේ ද, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුයේ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: ‘ශ්‍රාවකයාහට ඵලඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ශ්‍රාවක අඥාන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ … (අවිද්‍යා සඞ්ඛ්‍යාත අඥාන නැසූ බැවින් ප්‍රතික්‍ෂිප්ත යි.)
ප. නිග: එ කරුණින් ශ්‍රාවකහට ඵලඥාන ඇති.
ඵලඥානකථා නිමි.
පස් වැනි වර්‍ගය නිමියේ යි.
මහාපණ්ණාසක යි.
එහි උද්දානය:
විමුත්තිකථා යැ අසෙඛඤාණකථා යැ විපරීතකථා යැ නියාමකථා යැ පටිසම්භිදාකථා යැ සම්මුතිඤාණකථා යැ චිත්තාරම්මණකථා යැ අනාගතඤාණකථා යැ පච්චුප්පන්නඤාණකථා යැ ඵලඤානකථා යැ යි පඤ්චමවර්‍ගයෙහි කථා දසයෙකි.