තෙවිසිවන වග
23. 1.
ඒකාධිප්පාය කථා
[කාරුණ්යයෙන් ඒකාධිප්රාය ඇති වැ වේවයි, සසර දී එක්වම්හයි ස්ත්රිය හා සමග බුද්ධපූජාදිය කොට ප්රාර්ත්ථනා තැබීම් වශයෙන් ඒකාධිප්රාය ඇති වැ වේවයි, මෙසේ ස්ත්රීපුරුෂ දෙදෙනා මැ ඒකාධිප්රාය ඇති වැ මෛථුන ධර්ම සේවන කටයුතු යයි අන්ධක වෛතුල්යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකාධිප්පාය කථා’ එයි.]
1. ස. පු: එකාධිප්රායයෙන් මෛථුනධර්ම සේවන කටයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකාධිප්රායයෙන් අශ්රමණ වියයුතු වේ ද, අභික්ෂු වියයුතු වේ ද, ඡින්නමූල වියයුතු වේ ද, පාරාජික වියයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එකාධිප්රායයෙන් මෛථුනධර්ම සේවන කටයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකාධිප්රායයෙන් ප්රාණඝාත කළයුතු වේ ද, … අයිනාදන් කළයුතු වේ ද, මුසවා බිණියයුතු වේ ද, පිසුණුබස් බිණියයුතු වේ ද, … පරොස්බස් බිණියයුතු වේ ද … පලප් බිණියයුතු වේ ද … සන්ධිච්ඡේද කළයුතු වේ ද … මහාවිලෝප කළයුතු වේ ද, ඒකාගාරික කම් කළයුතු වේ ද … (කඩපලා සොරකම් පිණිස) මහමඟ සිටියයුතු වේ ද … පරඹුවන් කරා යායුතු වේ ද … ගම් පැහැරීම් කළයුතු වේ ද … නියම්ගම්පැහැරීම් කළයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ඒකාධිප්පාය කථා නිමි.
23. 2.
අරහන්තවණ්ණ කථා
[සමෘද්ධ ඉරියව් ඇති සමෘද්ධ ආකල්ප ඇති පාපභික්ෂූන් දැක රහත්වෙසින් සිට අමනුෂ්යයෝ මෛථුනධර්මසේවන කෙරෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරහන්තවණ්ණ කථා’ එයි]
1. ස. පු: රහත්වනින් (රහත් වෙසින්) අමනුෂ්යයෝ මෛථුනධර්මසේවන කෙරෙත්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්වතින් අමනුෂ්යයෝ ප්රාණඝාත කෙරෙත් ද … අයිනාදන් කෙරෙත් ද … මුසවා බෙණෙත් ද පිසුනුබස් බෙණෙත් ද … පරොස්බස් බෙණෙත් ද … පලප් බෙණෙත් ද … සන්ධිච්ඡේද කෙරෙත් ද … තිල්ලෝපහරණ (මහාවිලෝප) කෙරෙත් ද … එක් ගෙයක් පැහැරගන්නා කම් කෙරෙත් ද … කඩපලාසොරකම් කෙරෙත් ද … විරඹු සොරකම් කෙරෙත් ද … ගම්පහරනා කම් කෙරෙත් ද … නියම්ගම්පහරනා කම් කෙරෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
අරහන්තවණ්ණ කථා නිමි.