13. 2.
කුසලපටිලාභකථා
[‘කල්පස්ථයා කාමාවචර කුශලයක් මැ ලබා’ යනු ස්වසමය යි. ‘කුසල්සිත් නො ලබා’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලපටිලාභකථා’ එයි.]
1. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා දන් දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කල්පස්ථයා දන් දෙන්නේ වේ නම්,
අනු. පා: භවත, කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පස්ථයා සිවුරු දෙන්නේ ... පිඬුවා දෙන්නේ ... සෙනසුන් දෙන්නේ ... ගිලන්පසබෙහෙත්පිරිකර දෙන්නේ ... ඛාද්‍ය දෙන්නේ ... භෝජ්‍ය දෙන්නේ ... පැන් දෙන්නේ ... සෑ වඳනේ ... සෑයෙහි මල් පළඳනේ ... සුවඳ නංවන්නේ ... විලෙවුන් රුවන්නේ ... සෑ පැදකුණු කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කල්පස්ථයා සෑ පැදකුණු කරන්නේ වේ නම්,
අනු. පා: භවත, ‘කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ප. පු: කල්පස්ථයා කුශලචිත්තය ලබන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එයින් උත්‍ථාන කුශලචිත්තය ලබන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූපාවචර ... අරූපාවචර ... ලෝකෝත්තරචිත්තය ලබන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
කුශලපටිලාභකථා නිමි.
13. 3.
අනන්තරාපයුත්තකථා
[“කාබුන් මරණින් අනන්තර වැ විපාකදායක වූ ආනන්තර්‍ය්‍ය කර්‍මයක් පිණිස නියත ආණත්තියෙන් ඇණැවුම් ලැබූවෙක් මාතුඝාතකාදි ඒ කර්‍ම කෙරේ නම්, ඇණැවුම් කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා උපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි. අනියතාණත්තියකින් ඇණැවුම් ලැබූවෙක් ඒ කර්‍මය කෙරේ නම්, අණ කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා නූපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත නො වෙයි. සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නට භව්‍ය වෙයි” යනු ස්වසමය යි. එතෙකුදු වුව අනියතාණත්තියෙන් අණ කළ ද සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට හේ අභව්‍ය වේ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරාපයුත්තකථා’ එයි.]
1. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මිථ්‍යාත්‍වනියාම (ආනන්තර්‍ය්‍යකර්‍ම) හා සම්‍යක්ත්‍වනියාම හා දෙකට මැ බැසගන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ඒ ආනන්තර්‍ය්‍යකර්‍මය ප්‍රයුක්ත නො වේ ද, කුකුස් උපදවනලද නො වේ ද, විපිළිසර උපදවනලද නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කර්‍මය ප්‍රයුක්ත නම්, කුකුස් උපදවන ලද නම්, විපිළිසර උපදවන ලද නම්,
අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනන්තරාප්‍රයුක්ත (අතියතාණත්තිකළ) පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද, පියේ දිවි තොර කරන ලද්දේ ද, රහත් දිවි තොර කරන ලද්දේ ද, දුෂ්ට චිත්තයෙන් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලෙහෙ සලන ලද්දේ ද, සඞ්ඝයා බිඳින ලද ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...