12. 10.
සත්තමභවිකකථා
[මෙහි නිදානය ද දුග්ගතිකථායෙහි මෙනි.]
1. ප. පු: ‘සප්තමභවික (සෝතාපන්න) පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: සප්තමභවික පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද? තිරශ්චීන යෝනියට එළඹෙන්නේ වේ ද? ප්‍රේත විෂයයට එළඹෙන්නේ වේ ද?
ස. පු: එසේ නො කියැයුතු යැ ...
ප. ආ: එකරුණින් සප්තමභවික පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි.
සත්තමභවිකකථා නිමි.
ද්වාදශවර්‍ග නිමි.
එහි උද්දාන:
සංවරො කම්මන්ති කථා යැ, කම්මකථා යැ, සද්දො විපාකො’ති කථා යැ, සළායතනකථා යැ, සත්තක්ඛත්තුපරමකථා යැ, කොලංකොලකථා යැ, ඒකබීජිකථා යැ, ජීවිතා වෝරෝපනකථා යැ, දුග්ගතිකථා යැ, සත්තමභවිකකථා යි.
තෙළෙස්වනවග
13. 1.
කප්පට්ඨකථා
[“සඞ්ඝං සමග්ගං හෙත්‍වාන කප්පං නිරයම්හි පච්චති” යනු ගෙන සඞ්ඝභේදක කපක් පුරා නිරයෙහි සිටුනේ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට කප්පට්ඨකථා එයි.]
1. ස. පු: කල්පස්ථයා (සම්පූර්‍ණ මහා) කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පයත් සිටුනේ වේ ද? බුදුහු ද ලොව උපදනාහු වෙත් ද? (සඞ්ඝභේදය බුදුන් ඇති කලැමැ වන බව හැඟවී.)
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කල්පස්ථයා කල්පයක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කපක් හටගනී. ඒ හා මැ සඞ්ඝයාත් බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප හටගන්නා හා මැ කල්පස්ථයා කල්පස්ථායී කර්‍ම කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කල්පය හටගන්නා හා මැ කල්පස්ථ පුද්ගලයා කලුරිය කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතකල්පය සිටුනේ වේ ද? අනාගතකල්පය සිටුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...